×

ABBA ගැයූ Waterloo ගීතය යුරොවිෂන් ඉතිහාසයේ හොඳම ගීතය බවට පත්වෙයි!

70 දශකයේ ගීත අමාන්දානන්දය, ඇබා (ABBA), ස්වීඩනයේ බෙනී, බියෝර්න්, ඇග්නේතා සහ ඇනි-ෆ්‍රිඩ් නම් සිව් සාමාජික පොප් සුසංයෝගය ගීත ලොව ආක්‍රමණය කරේ තම සංගීතයේ මිහිරියාව අනාගත පරපුරු රැසකටද උරුම කරමිනි.


යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් නම් ජනප්‍රිය සංගීත තරඟාවලි ඉතිහාසයේ ඉදිරිපත් වූ හොඳම ගීතය බවට ABBA ගැයූ Waterloo ගීතය පත්ව තිබේ.

70 දශකයේ ගීත අමාන්දානන්දය, ඇබා (ABBA), ස්වීඩනයේ බෙනී, බියෝර්න්, ඇග්නේතා සහ ඇනි-ෆ්‍රිඩ් නම් සිව් සාමාජික පොප් සුසංයෝගය ගීත ලොව ආක්‍රමණය කරේ තම සංගීතයේ මිහිරියාව අනාගත පරපුරු රැසකටද උරුම කරමිනි.

ABBA සංගීත කණ්ඩායම Waterloo ගීතය ගායනා කරන ලද්දේ 1974 වර්ෂයේ බ්‍රයිටන් නගරයේ යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලියට ඉදිරිපත් වීමේ අටියෙනි. ඔවුහු යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් ජයග්‍රහණය කරන්නේ ඉංග්‍රීසි බස කතා නොකළ රාජ්‍යයක් වූ ස්වීඩනය වෙත පළමු වරට මෙම කිරුල ගෙන දෙමිනි.

Waterloo ගීතයේ සාර්ථකත්වය තුළ එහි පිටපත් මිලියන 06 කට ආසන්න ප්‍රමාණයක් විකිණී ඇති බවට පැවසේ.

අතීතය ආවර්ජනය කරමින් ABBA කණ්ඩායමේ ගිටාර වාදක බියෝර්න් පවසා සිටියේ දශක 4 කට ඉහත දී ඔවුන් ගැයූ ගීය මෙසේ යුරොවිෂන් ඉතිහාසයේ හොඳම ගීතය ලෙස පිදුම් ලැබීම, ඉතිහාසය දෙස නැවත හැරී බලන විට සැබවින්ම මෙය විශ්වාස කළ නොහැකි බවයි.

වරක සිය මුණුපුරා තම පාසල් සගයකු ගෙන් අසා දැන ගෙන ඇති පරිදි, සීයේ ඔබ පොප් ස්ටාර් කෙනෙක් ද යැයි ඇසූ පැණයට තමාට පිළිතුරු දී ගැනීමට පවා අපහසු වූ බව බියෝර්න් සිනා සෙමින් සිහිපත් කරයි.

එවිට යුරොවිෂන් තරඟාවලිය ජයග්‍රහණය කළ මොහොත සජීවීව විකාශය වූ විඩියෝ පටය පෙන්වමින්

පුතේ, අර සිනා යන සුළු ගිටාරයක් ඔසවාගෙන සිටින්නේ ඔබේ සීයා!

යැයි සිය මුණුපුරාට පැවසූ බව බියෝර්න් පැවසීය.

ABBA සිව් සාමාජික කණ්ඩායමක් වශයෙන් යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් වෙත මුල්ම වරට ඉදිරිපත් වන්නේ “Ring Ring” නම් ගීතයෙන් 1973 වර්ෂයේදී ය. එවිට ඇබා යන නාමය වෙනුවට “Björn & Benny, Agnetha & Anni-Frid” නාමයෙන් ඔවුහු පෙනී සිටියහ.

එහෙත් ඒ වන විට ඇග්නේතා හා බියෝර්න් විවාහ වී සිටීමත්, ඇග්නේතා තම කුළුඳුල් දියණිය ලින්ඩා පිළිසිඳ ගෙන සිටීමත්, හා ගීතයේ නිර්මාණශීලීත්වයේ පැවති ඇතැම් ගැටළු නිසාත් තරඟාවලිය තුළ එය තේරී පත්වන්නේ නැත.

කෙසේ වෙතත්, ඇග්නේතා ගේ දරු ප්‍රසූතියෙන් පසු ඈට හිමි විය යුතු නිසි විවේක කාලයද ලැබීමත් නිසා, 1974 වර්ෂයේදී, තම කණ්ඩායමේ නාමය තම නම් වල මුලකුරු රැගෙන “A” “B” “B” “A” – “ABBA” යනුවෙන් නව මුහුණුවරක් ගනිමින් Watrloo නම් ගීතයත් සමඟ ඔවුහු නැවත යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් වෙත ඉදිරිපත් විය.

එවර ඔවුන් එම තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ බ්‍රිතාන්‍ය බීබීසී චාර්ට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙලේ සංගීත නාමාවලි රැසකට තම ගීතය ඇතුළත් කරමිනි.

ABBAයනු ඉංග්‍රීසි බස කතා නොකරන ස්කැන්ඩෙනේවියානු රාජ්‍යයකින් පැමිණ, බිල්බෝර්ඩ්, බීබීසී චාර්ට්ස් ඇතුළු ජාතත්‍යන්තර සංගීත ලොව ආක්‍රමණය කළ ලොව පළමු සංගීත කණ්ඩායම වේ.

1971 වර්ෂයේ ඇබා සාමාජිකයන් මුල්මවරට කණ්ඩායම්ගත වීමට ප්‍රථම, ස්වාධීන සංගීතඥයින් සිව්දෙනෙකු වශයෙන් 60 දශකය තුළ ස්වීඩනයේ පොප් රාජකීයත්වය උරුම කරගෙන සිටි අතර, සිව් දෙනා හට ආවේණික සංගීත විලාශයන් සතරක් පැවතිණ.

බෙනී “ද හෙප්ස්ටාර්ස්” නම් පිරිමි ගීත බෑණ්ඩයේ කීබෝඩ වාදකයකු හා ගායකයකු වශයෙන් කටයුතු කළේය.

බියෝර්න් “හූටනනි සිංගර්ස්” නම් වීදි හා වේදිකා පිරිමි ගීත බෑණ්ඩයේ ගිටාර් වාදකයකු හා ගායකයකු වශයෙන් කටයුතු කළේය.

ඇග්නේතා හට ඈ විසින්ම රචිත ගීත එකතුවක්ද, ඇසුවන් කන් වසඟයට පත් කරන කටහඬක්ද, සෝලෝ ගීත වෘත්තියක් ද පැවති අතර, ඈ විසින් රචිත ගීත ඇතැම් වරක ස්වීඩනයේ රේඩියෝ ගීත ලැයිස්තු වල සංගීත පුරාවෘත්තයේ අධිරාජ්‍යයා වූ “ද බීට්ල්ස්” කණ්ඩායමේ ගීත අභිබවා ගිය අවස්ථා ද ඇත.

ඇනි-ෆ්‍රිඩ් ස්වීඩනයේ ජාතික ගීත තරඟාවලියක ජයග්‍රහණය ලබා වෘත්තියෙන් සෝලෝ ගීත කෝකිලාවියක් වශයෙන් ජනාදරයට පත්ව සිටියාය.

එතැන් පටන් 1982 වර්ෂය දක්වා සක්‍රියව පැවති ඇබා, “Dancing Queen”, “Take a Chance on Me”, “Mamma Mia”, “SOS”, “Knowing Me, Knowing You”, “Fernando”, “Voulez Vous”, “Gimme Gimme Gimme”, “Does Your Mother Know”, “Money Money Money”, “I Have a Dream”, “Angel Eyes”, “The Name of the Game”, “One of Us”, “Super Trouper”, “Thank You For the Music”.. ආදී නානාවිධ ගීත ලෙගසියක් ලොවපුරා ප්‍රේක්ෂක ජනතාව වෙත ගෙන හැර පාන ලදී. 1973 – 1982 අතර කාලය තුළ ගීත ඇල්බම 9ක් හා ගීත 100කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කිරීමට ඔවුන් සමත් විය.

ඇග්නේතා ගේ හැඟීම්බර මනරම් ඉහල පරාසයේ කටහඬද, ඇනි-ෆ්‍රිඩ් ගේ ස්ථාවර අතිවිශිෂ්ට පහල පරාසයේ කටහඬද බෙනී හා බියෝර්න්ගේ සංගීතය ද සුසංයෝග වූ විට ඇබා හඬ ඇතිවන බව මුල සිටම ඇබා සංගීතය අධ්‍යයනය කළ ප්‍රේක්ෂකයකු පවසනු ඇත. 70 දශකයේ පටන් සංගීතයට ලැදි ඕනෑම පුද්ගලයකුගේ ගීත ලැයිස්තුව තුල ඇබා ගීතයක් හෝ පැවතීම සුලභය.

කණ්ඩායම 1982 වර්ෂයේදී නිල වශයෙන් විසිර යන බවට නිවේදනය කරන ලදී.

ඇබා ගායනා කළ ඩෑන්සිං ක්වීන් ගීතය 1976 වර්ෂයේදී බිල්බෝර්ඩ් ඇතුළු ලොව ප්‍රධාන සංගීත චාර්ට් 9 ක අංක 01 බවට පත්විය.

2020 වර්ෂයේ යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලිය කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පසුගිය මාර්තු මස අවලංගු කිරීමට කටයුතු කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි