×

නව සංගීත නිර්මාණ කිහිපයක් 2020 දී එළි දැක්වෙනු ඇත – ABBA සංගීත කණ්ඩායම

ABBA හි බෙනී ඇන්ඩර්සන් හෙළි කළේ සිය ලෝකප්‍රකට සංගීත කණ්ඩායම විසින් මේ වසර අගදී නව සංගීත කිහිපයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.


ABBA හි බෙනී ඇන්ඩර්සන් හෙළි කළේ සිය ලෝකප්‍රකට සංගීත කණ්ඩායම විසින් මේ වසර අගදී නව සංගීත කිහිපයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සංගීත කණ්ඩායම නව සංගීත නිර්මාණ නිකුත් කරන්නේ කවදාදැයි ඇන්ඩර්සන්ගෙන් විමසනු ලැබූ විට ඒ සඳහා ඔහු ප්‍රතිචාර දක්වන්නේ “ඔවුන් මේ වසරේදී නැවතත් රසිකයන් වෙතට පැමිණේ. මම අනුමාන කරන්නේ ගිම්හානයෙන් පසුව ඒ සිදුවෙනු ඇති බවයි. ”

ඔහු තවදුරටත් මෙසේ පවසයි: “මට එය පොරොන්දු විය නොහැක, නමුත් මා විසින්ම පමණක් තීරණය කළහොත් නවතම නිමාණයක් සැප්තැම්බර් මාසයේදී නිකුත් වෙනු ඇත; එසේ වුවද එය මට තනිවම එම තීරණය කළ නොහැක. නමුත් අපි අරමුණු කරගෙන සිටින්නේ එසේ කිරීමටයි. ”

පසුගිය 2018 දී මෙම ස්වීඩන් පොප් කණ්ඩායම නිවේදනය කළේ වසර 35 කට පසු ප්‍රථම වතාවට ඔවුන් ගීත හා ඇල්බම පටිගත කරන බවයි. එය 2018 දී සිදු නොවෙන අතර බොහෝදෙනා බලාපොරත්තු වූයේ 2019දී හෝ එය සිදු වනු ඇති බවයි. නමුත් දැන් 2020 එළැඹී ඇත, මේ වසරේදී හෝ ABBA නැවත පැමිණෙන තෙක් සියල්ලෝම බලා සිටිති.

“I Still Have Faith In You” යන නව ගීතය 2018 දී බීබීසී නාලිකාවේ තිරගත වීමට නියමිතව තිබුණි. එසේ තිරගත වීමට නියමිතව තිබූ තවත් නව ගීතයක් “Don’t Shut Me Down” ලෙස හැඳින්වේ.

“ඉන් එකක් පොප් ගීතයක් වන අතර බොහෝ දෙනා එයට නැටවෙනු ඇත.” බියෝර්න් උල්වේයස් 2018 දී කියා සිටින ලදී. අනෙක වඩා කාලානුරූපී, මතකයන් අවුස්සන ගීයක්, එපමණයි මම කියන්නේ. එය දුක්බර ගීයක්, එමෙන්ම සතුට දනවන්නක්. ”

“මම හිතන්නේ අප සතු කාන්තා හඬ දෙක(ඇග්නේතා ෆෙල්ට්ස්කොග්, ඇනි-ෆ්‍රිඩ් ලින්ග්ස්ටඩ්) සතු උසස් ගායන හැකියාව හේතුවෙන් මෙම දුක්බර ගීයේ යම් සතුටක්ද උපදවනු ඇත.” ඔහු තවදුරටත් පැවසීය.

[embedyt] https://youtu.be/w8tWdunRpi8 [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි