×

ජපාන අගමැති සාම ගිවිසුම් පතා පුටින් හමුවීමට සැරසේ!

ජපාන අගමැති ෂින්සෝ අබේ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහා ඉදිරි සතිය තුළ රුසියානු සංචාරයක.


ජපාන අගමැති ෂින්සෝ අබේ අද (02) දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ තමා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහා ඉදිරි සතිය තුළ රුසියානු සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, සැප්තැම්බර් මස 04 – 06 යන දිනයන් හී දී ව්ලැඩිවොස්ටොක්හි පැවැත්වීමට නියමිත නැගෙනහිර ආර්ථික සමුළුවට රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන මොහොතේදී ජපාන අගමැති ඔහු හමුවීමට නියමිතය.

මෙම හමුවීම තුළින් ජපානයේ උතුරු කලාපයේ හොකයිඩෝ නගරයෙන් ඔබ්බට වන්නට පිහිටා ඇති මතභේදයට තුඩුදුන් රුසියානු සන්තකයේ පසුවන දූපත් සතර පිළිබඳව සාකච්ඡා කිරීමටත්, සාම ගිවිසුම් සහ ඒකාබද්ධ ආර්ථික ක්‍රියාපටිපාටි සැලසුම් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටත් ජපානය අපේක්ෂා කරන බව අබේ මහතා ප්‍රකාශ කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි