×

ෂියා වන්දනාකරුවන් මිලියන 21 ක් ඉරාකයට (photos)

අර්බයින් අනුස්මරණය සඳහා ලොව පුරා සිටින ෂියා වන්දනාකරුවන් මිලියන 21 ක් පමණ සෙනසුරාදා ඔහු තැන්පත් කර ඇති ඉරාකයේ කර්බාලා නගරයට රැස්ව තිබේ.


හත්වන සියවසේදී මුහම්මද් නබිතුමාගේ මුනුබුරා වූ ඉමාම් හුසේන් ඝාතනය කිරීම වෙනුවෙන් පැවති දින 40 ක ශෝක කාලය අවසන් වන අර්බයින් අනුස්මරණය සඳහා ලොව පුරා සිටින ෂියා වන්දනාකරුවන් මිලියන 21 ක් පමණ සෙනසුරාදා ඔහු තැන්පත් කර ඇති ඉරාකයේ කර්බාලා නගරයට රැස්ව තිබේ.

COVID-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට පසු, මෙම සතියේ වන්දනාකරුවන් මිලියන 21.2 ක් මධ්‍යම ඉරාකයේ කර්බාලා නගරයට පැමිණි බව අබ්බාස්ගේ සොහොන් ගෙය කළමනාකරණ සංවිධානය මාධ්‍ය වෙත වාර්තා කර තිබේ. ෙමය ලොව විශාලතම සැමරුම් උත්සව වලින් එකකි.

මෙවර සැමරුම් උත්සවය ඉරාකයේ දේශපාලන අර්බුදයක් පවතින පසුබිමක පැවතියද වන්දනාකරුවෝ හුසේන්ගේ රුව සහිත කළු කොඩි සහ බැනර් රැගෙන පැමිණ සිටියහ.

මේ වන විට ෂියා මුස්ලිම් පූජක මොක්ටාඩා අල්-සදර්ගේ ආධාරකරුවන් ආරක්ෂක හමුදා සහ ඉරානය සහය ලබන සටන්කාමි කණ්ඩායම් සමඟ ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් අල්-සද්ර්ගේ අනුගාමිකයින් 30 කට වැඩි පිරිසක් ඝාතනව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි