×

අධික උෂ්ණත්වය නිසා හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන් 550ක් ජීවිතක්ෂය

අතුරුදන් වූ සියයක පමණ පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බලධාරීන් සඳහන් කරයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය දා හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන් 550 දෙනෙකු පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් නිවේදන කරයි.

මක්කමේ වන්දනාවේ යෙදුනු බැතිමතුන් අතරින් මිය ගිය පිරිසට ඊජිප්තු ජාතිකයින් 320 දෙනෙකු අයත් බව වාර්තා වන අතර, ජෝර්දාන ජාතිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

අතුරුදන් වූ සියයක පමණ පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම 2000 කට අධික පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් රෝගයන්ට ප්‍රතිකාර ලබන බවද සෞදි බලධාරීන් නිවේදනය කර සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි