×

ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

ස්වභාවික විපත්වලට ගොදුරු විය හැකි රටක අවදානම සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැත.


ඉතාලි රජයේ පාරිසරික ඒජන්සිය වන (ISPRA) විසින් 2021 දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව මහ නගර සභාවලින් 90% කට වැඩි ප්‍රමාණයක් නාය යෑම් සහ අනෙකුත් ස්වභාවික විපත්වලින් අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

එනම් මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක් ඇත.


මේ අනුව ඉතාලියේ සිවිල් ආරක්ෂක කාර්යාලයේ ප්‍රධානී විසින් ඉතාලියේ නීත්‍යානුකූල සහ නීති විරෝධී ඉදිකිරීම් සීමා කිරීමට ඉල්ලීම් කර ඇත. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය සෙනසුරාදා නායයාමකින් දින 22 ක් වයසැති ළදරුවෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය බව තහවුරු වීමයි.


ඉතාලි කාලගුණ විද්‍යා සංගමයේ සභාපති ලූකා මර්කාලි විසින් පාරිසරික ඒජන්සියේ වාර්තාව මත පදනම්ව ප්‍රකාශ කළේ ස්වභාවික විපත්වලට ගොදුරු විය හැකි රටක අවදානම සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි