×

ප්‍රංශය ඇඩාමා ට්‍රාඕරේ වෙනුවෙන් ජාතීවාද-විරෝධී සටනට එක් වේ!

මර්සෙයිල්, ලියොන් සහ ලිලී ඇතුළු අනෙකුත් නගරවල ද උද්ඝෝෂණ පැවැත්විණි. සමහර උද්ඝෝෂකයින් Black Lives Matter ලෙස සටහන් පුවරු රැගෙන ගියහ - මෙම ව්‍යාපාරය එක්සත් ජනපදයේ ආරම්භ වී ජාත්‍යන්තරව ව්‍යාප්ත විය.


කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් එක්රැස් නොවන ලෙසට තිබූ පොලිස් නියෝග නොතකා 2016 දී පොලිස් අත්අඩංගුවේ සිටි කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රංශයේ දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතාවලට එක්ව සිටියහ.

24 හැවිරිදි ඇඩාමා ට්‍රාඕරේ මරණය එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සමාන කර ඇති අතර, ඔහුගේ මරණය රට පුරා විරෝධතා අවුලුවා තිබේ. පැරීසියේ තදාසන්න ප්‍රදේශවල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ඇඩාමා ට්‍රාඕරේ පොලිස් ස්ථානයක මිය ගිය බවට වාර්තාවී ඇත. එක් නිලධාරියෙක් විමර්ශකයන්ට කියා සිටියේ ඔහු සහ සගයන් දෙදෙනෙකු ඔවුන්ගේ ශරීර බර භාවිතා කරමින් ට්‍රේරෝ මහතාට පහර දුන් බවයි. නිල වාර්තාවල දැක්වෙන්නේ ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි. පසුගිය බ්‍රහස්පතින්දා ට්‍රෝරෝ මහතා රඳවාගෙන සිටි නිලධාරීන් පොලිස් පරීක්ෂණයකින් නිදොස් කොට නිදහස් කරන ලදී.ඔහුගේ නඩුව ප්‍රංශයේ පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහිව පෙළ ගැසෙන හඬක් බවට පත්ව ඇත.

පැරිස් පොලිස් ප්‍රධානියා තම හමුදාවට එරෙහි ජාතිවාදී චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

අඟහරුවාදා උද්ඝෝෂකයින් බලධාරීන් නොසලකා හැරියේ විරෝධතා දැක්වීමට අවසර ඉල්ලීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. ඒ අනුව පොලිසිය අඟහරුවාදා පැරිස් නගරාසන්නයේ විරෝධතාකරුවන් සමඟ ගැටුම් ඇති කර ගත්තේය.

මහජන රැස්වීම් අවම කරන ලෙස පනවා ඇති නියෝගය කඩ කරමින් 20,000 කට ආසන්න පිරිසක් විරෝධතාවට එක්වූහ . ඔවුන් මුලදී සාමකාමීව ජාතිවාදය කෙරෙහි තම විරෝධය ප්‍රකාශ කළ අතර, යම් පිරිසක් පොලීසියට ගල් ප්‍රහාර එල්ල කිරීමත් පොලීසිය එයට ප්‍රතිචාර දක්වමින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග තත්වය ප්‍රචණ්ඩකාරී බවට හැරී ඇත.

පොලිසිය විසින් පැරීසියේ ජනතාව වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම මෙන්ම ගින්නක් හා මාර්ග අවහිර කරන අයුරු පෙන්වන වීඩියෝවක්ද නිකුත් වී ඇත.

මර්සෙයිල්, ලියොන් සහ ලිලී ඇතුළු අනෙකුත් නගරවල ද උද්ඝෝෂණ පැවැත්විණි. සමහර උද්ඝෝෂකයින් Black Lives Matter ලෙස සටහන් පුවරු රැගෙන ගියහ – මෙම ව්‍යාපාරය එක්සත් ජනපදයේ ආරම්භ වී ජාත්‍යන්තරව ව්‍යාප්ත විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි