×

ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පාකිස්ථානය ආශ්‍රිතව භූ කම්පනයක්!

ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පාකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පාකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුට් ඒකක 6.5 ක් ලෙසයි. විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, එහි ප්‍රබලත්වය ඉන්දියාවට හා පාකිස්ථානයට ද දැනී ඇති බවයි.

භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 150කගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තාවල සඳහන් ය. භූ කම්පනයෙන් පසු සුපරීක්ෂාකාරීව සිටින ලෙස පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් එරට ආපදා කළමනාකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි