×

කුසගින්නෙන් හඬන ඇෆ්ගන් දරුවන්ට මත්පෙති දෙන ඇෆ්ගනිස්ථානුවන්

ගෞරවයට වඩා කුසගින්න බලවත් වෙමින් ඇත


කුසගින්නෙන් හඬන දරුවන් වෙනුවෙන් මත්පෙති ලබා දී ඔවුන් සන්සුන් කරන පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.


එනම් මානසික අවපීඩනය සහ කාංසාව සඳහා ප්‍රතිකාර වශයෙන් නිර්දේශ කරනු ලබන ඇල්ප්‍රසෝලම් මෙන්ම escitalopram සහ sertraline යන පෙති මෙලෙස දරුවන් වෙනුවෙන් ලබා දෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

තලෙයිබාන් පාලනය හේතුවෙන් විදේශ සංචිත කැටි කිරීම හා සම්භාදක පැනවීම හේතුවෙන් මේ වන විට ඇෆ්ගනිස්ථානයේ මිලියන ගණනක් මිනිසුන් සාගතයේ පෙළෙමින් සිටියි. කුසගින්න හේතුවෙන් සිය දියණිවරු විකීනීම හා ප්‍රාදේශීය රෝහලක වකුගඩු විකීනීම ආදිය සිදු කිරීමට මෙම පුද්ගලයන් පෙළඹ තිබේ. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ මානුෂීය “ව්‍යසනයක්” දැන් දිග හැරෙමින් පවතින බවයි.


ඇෆ්නිගස්ථානයේ අවුරුදු පහට අඩු දරුවන් අතර මන්දපෝෂණය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින අතර පසුගිය වසරට සාපේක්ෂව එය මෙම වසරේ 47%ක වැඩිවීමකි.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ප්‍රමාණවත් පෝෂණයක් නොලබන කුඩා දරුවන්ට මෙවැනි ඖෂධ ලබා දීමෙන් නිදන්ගත තෙහෙට්ටුව, නින්ද සහ හැසිරීම් ආබාධ වැනි තවත් ගැටලු රාශියක් සමඟ අක්මාවට හානි සිදු විය හැකි බවයි. කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානුවන් මේ සම්බන්ධයෙන්ර පවසන්නේ ගෞරවයට වඩා කුසගින්න බලවත් වෙමින් ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි