×

‘ළදරුවන් මිය යන අයුරු බලා සිටීම හැර අපට කළ හැකි කිසිවක් නැත’- ඇෆ්ගනිස්ථානය

2021 වසර දක්වා වසර 20ක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඩොලර් බිලියන ගණන් මුදල් ඒ වෙත ගලා ආ අතර ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය සේවාව මෙතරම් ඉක්මනින් බිඳ වැටෙන්නේ ඇයිද යන්න විශාල ගැටලුවකි.


එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් ආයතනයට අනුව සෑම දිනකම ඇෆ්ගනිස්ථානයේ ළමුන් 167 ක් වළක්වා ගත හැකි හා නිවැරදි ඖෂධ සමඟ සුව කළ හැකි සහ සුව කළ යුතු රෝග වලින් මිය යන බව වාර්තා කර තිබේ.

නියුමෝනියාව, මෙනින්ජයිටිස් හා මන්දපෝෂණය අෆ්ගනිසිථානයේ දරුවන් මේ වන විටත් ගිලගෙන ඇති අතර 2021 තලෙයිබාන් සංවිධානය බලය ලබා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අරමුදල් සපයන ලද විදේශ මුදල් අත්හිටුවන ලදි. එමෙන්ම තලේබාන් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තලේබාන් විසින් පනවා ඇති තහංචි ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බැවින් ඔවුන්ගේ පරිත්‍යාගයන් කපා හැරිය හැකි බවට ආධාර ආයතන අනතුරු අඟවා ඇති අතර බෙහෝමයක් ආධාරද මේ වන විට නවතා ඇත.

පවතින තත්වය පිළිබඳව ඇෆ්ගන් වෛද්‍යවරු ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ සෞඛ්‍ය උපකරණ ඹෟෂධ මෙන්ම මෙතෙක් සේවා සපයන ලද කාන්තාවන්ගේ පවතින අඩුව හේතුවෙන් ළදරුවන් මිය යන ආකාරය බලා සිටීම හැර අපට කළ හැකි දෙයක් නොමැති බවයි.

ඇෆ්ගනිස්ථානයේ පළාත් රෝහල්වල රෝගීන් සඳහා එකම වාතාශ්‍රය යන්ත්‍රයක් (ventilator) හෝ නොමැති අතර 2021 වසර දක්වා වසර 20ක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඩොලර් බිලියන ගණන් මුදල් ඒ වෙත ගලා ආ අතර ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය සේවාව මෙතරම් ඉක්මනින් බිඳ වැටෙන්නේ ඇයිද යන්න විශාල ගැටලුවකි.

මේ වන විට මානුෂීය ආයතන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප් සහ ඖෂධ සහ ආහාර සඳහා අරමුදල් ගෙවමින් ඇෆ්ගනිස්ථානයේ Ghor හි රෝහල පවත්වාගෙන යන අතර එහි හිදැසක් නෑරම ළදරුවන්ගෙන පිරී ඇති බව වාර්තා වේ. ඇෆ්ගනිස්ථානය පුරා දිනකට කී දෙනෙකු මිය යනවාද යන්න ගණනය කිරීමට ක්‍රමයක් නොතිබිය හැකි නමුත්, අර්බුදයේ පරිමාණය පිළිබඳ සෑම තැනකම සාක්ෂි තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි