×

ඇෆ්ගනිස්ථාන ජනපති ධූරය නැවතත් ඝානි ට

.


ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති අෂ්රෆ් ඝානි නැවතත් එරට ජනපතිවරයා ලෙස ජනාධිපතිවරණයේදී තේරී පත් විය . ඒ දෙවන වතාවටයි. 50.64%ක ප්‍රතිශතයකින් ඝානී මෙවර මැතිවරණය ජයගත් අතර පසුගිය සැප්තැම්බර් මස 28 වන දින පැවති මැතිවරණයේ ප්‍රථිපල හේතූන් කිහිපයක් මත් කල් තැබිණ. ඒ පැවති විරෝධතා, සහ මැතිවරණ වංචාවන් පිළිබද පැවති චෝදනා මතයි. අෂ්රෆ් ඝානිගේ ප්‍රතිවාදියා ආචාර්ය අබ්දුල්ලා අබ්දුල්ලා වූ අතර ඔහු ලබා ගත් ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 39.52% විය.

Map of total fatalities by province in Afghanistan

දකුණු ආසියාතික රටක් වන ඇෆ්ගනිස්ථානය අල් කයිඩා ත්‍රස්ථ සංවිධානයේ බලපෑම් හේතුවෙන් කාලයක් තිස්සේ පීඩා විදිමින් සිටින රටකි. මීට පෙරද ජනපතිව සිටි ඝානිගේ අනුදැනුම ඇතිව එරට ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු රජය සිය හමුදා යොදවමින් සිටින අතර මේ වන විට 13000ක ඇමරිකානු භට පිරිසක් ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් කටයුතු වල නිරත වී සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි