×

පොලිතීන් බෑග් තහනමේ පෙරමුණේ රාළ – අප්‍රිකාව

අප්‍රිකානු රටවල් ගණනාවක් මේ වන විට ප්ලාස්ටික් බෑග් තහනමට මුල පුරා තිබේ.



එක් වරක් පමණක් භාවිතා කර විසි කර දැමිය යුතු ප්ලාස්ටික්/පොලිතීන් බෑග් (Single-use plastic bags) සම්බන්ධයෙන් අප්‍රිකානු රටවල් 37 ක් මේ වන විට ඉතා හොඳ ක්‍රියාමාර්ග ගෙන ඇත.

මේ අතරින් දැඩිම දඬුවම් සමග පොලිතීන් බෑග් තහනම් කර ඇත්තේ කෙන්යාවයි.

කෙන්යාව

කෙන්යාවේ නව නීතිය බිඳදමන්නෙකුට ඇමරිකානු ඩොලර් 38,000 දක්වා දඩයක් ගෙවීමට සිදුවනු ඇත.

එසේත් නැතිනම් වසර 4 ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇත.

ඔවුන් මෙයට මුල පුරා සිටින්නේ 2017 වසරේ පටන් ය.

රුවන්ඩාව

බයෝ ඩීග්‍රේඩබල්, එසේත් නැතිනම් පරිසරයේදී දිරාපත් නොවන ප්ලාස්ටික්/පොලිතීන් බෑග් රුවන්ඩාවේ තහනම් ය.

මෙය 2019 වසරේදී ඔවුන් ගත් තීරණයකි.

ප්ලාස්ටික් වලින් තොර ලෝකයේ පළමු රට බවට පත්වීමට රුවන්ඩාවට අවශ්‍ය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විටත් රුවන්ඩාවේ කිගාලි අගනුවර නම් කර තිබෙන්නේ ‘අප්‍රිකානු මහද්වීපයේ පිරිසිදුම නගරය‘ ලෙස ය.

ටැන්සානියාව

ටැන්සානියාව පොලිතීන් බෑග් භාවිතය මැයි මාසයේ සිට මුළුමනින්ම තහනම් කර ඇත. එපමණක් නොව, ඔවුන් සංචාරකයන් හට පවා කියන්නේ ඔවුන්ගේ ප්ලාස්ටික්/පොලිතීන් බෑග් ගෙදර තබා එන ලෙස ය.!

ඒ වෙනුවට භාවිතා කළ හැකි විකල්ප පිළිබඳ ඔවුහු මේ වන විට සොයා බලමින් සිටිති.

රොයිටර්ස් පුවත්සේවයට අනුව මෙම ප්ලාස්ටික්/පොලිතීන් බෑග් තහනම හේතුවෙන් පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත.

අප්‍රිකානු මහද්වීපයේ දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් වන මැලේරියාව සැලකිය යුතු පරිදි අඩුවීමට ද මෙය හේතුවක් වනු ඇත.

කසල සිරවීම නිසා අවහිර වන ජලාපවාහන පද්ධති තුළ මැලේරියා මදුරුවන් බෝ වීමේ ඉහළ අවදානමක් අප්‍රිකාවේ තිබෙන නිසා, මෙය එයට ද විසඳුමක් වනු ඇත.

ආහාර වලට විෂ එකතු වීම අඩුවීම එහි තවත් වාසියකි.

මේ වන විට අප්‍රිකානු රටවල් ගණනාවක් ප්ලාස්ටික් කසළ පරිසරයෙන් ඉවත් කිරීමේ කාර්යයට මුල පුරා සිටියි.

වසරකට ලෝකය විසින් ප්ලාස්ටික්/බෑග් පොලිතීන් බෑග් ට්‍රිලියන 5 ක් නිෂ්පාදනය කරයි. (මූලාශ්‍රය- ලෝක සම්පත් ආයතනය (World Resources Institute)

මේවා පරිසරයෙන් සම්පූර්ණයෙන්ම දිරාපත් වී ඉවත් වීමට වසර 1000 ක කාලයක් ගත වනු ඇත.

අප්‍රිකාවට සාපේක්ෂව ලංකාවේ අපි කොතැනද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි