×

ඔබගෙන් දෝ ඇයගෙන් දෝ මා හෙට දින සමුගන්නේ? ගිල්ට දැවෙන පැනයක්!

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල් සහ සාරා තෙන්ඩුල්කාර් අතර සම්බන්ධය සහ එහි බිඳවැටීමේ වාර්තා බොහෝ විට සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයට පත් වී තිබුණි. ඔව් ඉතින් තරුවක නැගිටීම් බිඳවැටීම් බලාගෙන ඉන්න වකවානුවක ඔවුන් හයියෙන් ‘හචින්’ කීවත් ඒක ලොකු දෙයකි. ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ විවිධ මත ගොඩනැඟුන ද ඔවුන් ඒ පිළිබඳ හාරා අවුස්සා කතා කිරීමට ගියේ නැත.ඒ ඔවුන්ගේ පෞද්ගලිකභාවයයි. […]


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල් සහ සාරා තෙන්ඩුල්කාර් අතර සම්බන්ධය සහ එහි බිඳවැටීමේ වාර්තා බොහෝ විට සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයට පත් වී තිබුණි. ඔව් ඉතින් තරුවක නැගිටීම් බිඳවැටීම් බලාගෙන ඉන්න වකවානුවක ඔවුන් හයියෙන් ‘හචින්’ කීවත් ඒක ලොකු දෙයකි.

ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ විවිධ මත ගොඩනැඟුන ද ඔවුන් ඒ පිළිබඳ හාරා අවුස්සා කතා කිරීමට ගියේ නැත.ඒ ඔවුන්ගේ පෞද්ගලිකභාවයයි.

මෑත සිදුවීම් වලට අදාළව සාරා මේ වන විට ලන්ඩනයට පැමිණ ඇති අතර එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහි ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයසඳහා ඉන්දීය පිතිකරු ගිල් ද දැනටමත් සහභාගී ව ඇති බව වාර්තා වේ.

යන යන තැන එන්නත් හේතුවක් නැතිවම නොවෙයි යන්න ගිල්-සාරා ගැන අවධානයෙන් සිටින රසිකයන්ට නම් නැගෙන පැනයකි.

කෙසේ වෙතත් ඉකුත් දිනවලදී ගිල් සම්බන්ධයෙන් බොහෝ සේ කතාවට භාජනය වූයේ සාරාවරුන් ට මැදි වූ ක්‍රිකට් තරුවක් ලෙසයි. එක අතෙකින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ගේ දියණිය සාරා තෙන්ඩුල්කාර් ය. අනෙක් සාරාවරිය ප්‍රවීණ රංඟනශිල්පී සයිෆ් අලී කාන් ගේ දියණිය සාරා අලී ඛාන් ය. පන්දුව දෝලනය වන සමයෙහි පන්දුව ලබා ගන්නේ තෙන්ඩුල්කාර් ද අලී ඛාන් ද ? තීරණය ඔබ සතුය. සූදානමින් සිටින්න!

ගිල් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ නමුත් ඔහුගේ කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් අවසන් තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස්හමුවේ පරාජයට පත් විය. පිත්තෙන් දස්කම් පාන ඔහු තම කෙලිලොල්බවෙන් ද දස්කම් පාන බවක් මනාව පෙනේ.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි