×

නීතිවිරෝධී අන්තර්ජාල තොරතුරු මැඬලීමට රුසියාව හා චීනය අතර ගිවිසුමක්!

අන්තර්ජාල පරිශීලකයන් බිය වැද්දීම රුසියාවේ අරමුණ වී ඇති බවට විවේචකයෝ පෙන්වා දෙති


රුසියානු රජය හා චීන රජය අතර සුවිශේෂී ගිවිසුමක් අත්සන් කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.

ඒ අන්තර්ජාලය තුළ පවතින නීතිවිරෝධී තොරතුරු නියාමනය කිරීම සඳහාය!

මේ අයුරින් රුසියානු හා චීන රාජ්‍ය තොරතුරු නියාමන පද්ධති අන්තර්ජාලය තුළ සංසරණය වන නීතිවිරෝධී තොරතුරු ඉවත් කර දැමීම සඳහා එක්ව ක්‍රියාත්මක කරවීමට දෙරට අතර එකඟතාවක් ඇතිකර ගන්නා බවට මුල්ම වරට මාධ්‍ය වෙත වාර්තා වූයේ පසුගිය අඟහරුවාදා (08) දින ය. 

කෙසේවෙතත්, මෙම පුවත සැලවීමත් සමඟ විවිධ පාර්ශවයන් ගෙන් රුසියාවට චෝදනා එල්ල වූ අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මෙම එකඟතාව මඟින් අන්තර්ජාල තොරතුරු පරිශීලනය නියාමනය කිරීමට හා තොරතුරු වාරණයට ලක් කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවටත්, එහිදී තොරතුරු වාරණයට ලක්කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන චීනයේ ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට රුසියාව සූදානමින් සිටින බවත් ය. 

දෙරට තොරතුරු නියාමන පද්ධති මෙසේ එක්ව කටයුතු කිරීම තුළින් අන්තර්ජාල නිදහස පිළිබඳ අන්තර්ජාලය භාවිතා කරන්නන් බිය වැද්දීම රුසියාවේ අරමුණ වී ඇති බවටත් විවේචකයෝ පෙන්වා දෙති. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි