×

වායුගෝලය සුව කරන කොරෝනා වෛරසය

කොරෝනා වෛරස් වසංගතයේ ප්‍රතිඵයක් ලෙස ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වේගයෙන් පහළ යත්ම, බලශක්තිය හා ප්‍රවාහනයට අදාළ විවිධ වායූන් විමෝචනය අඩු වීම පුදුමයක් නොවේ.


මේ වන විට බොහෝ නගරවල සහ ප්‍රදේශවල වායු දූෂක හා උනුසුම් වායූන්ගේ මට්ටම් සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරයි. නිව්යෝර්ක්හි පර්යේෂකයෝ පැවසුවේ ඔවුන්ගේ මුල් පර්‍යේෂණ වල ප්‍රතිඵල වලින් පෙනී යන්නේ ප්‍රධාන වශයෙන් මෝටර් රථවලින් පිටවන කාබන් මොනොක්සයිඩ් පසුගිය වසරට සාපේක්ෂව 50% කින් අඩු වී ඇති බවයි.

පෘථිවි තාපන වායුව වන CO2 විමෝචනය ද තියුනු ලෙස පහත වැටී ඇත. නමුත් එම මට්ටම් වසංගතයෙන් පසු වේගයෙන් ඉහළ යා හැකි අනතුරු ඇඟවීම් තිබේ.

කොරෝනා වෛරස් වසංගතයේ ප්‍රතිඵයක් ලෙස ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වේගයෙන් පහළ යත්ම, බලශක්තිය හා ප්‍රවාහනයට අදාළ විවිධ වායූන් විමෝචනය අඩු වීම පුදුමයක් නොවේ.

මේ සතියේ නිව්යෝර්ක්හි රැස් කරන ලද දත්ත වලින් පෙනී යන්නේ අනවශ්‍ය ගමන් බිමන් අවම කිරීමේ උපදෙස් සැලකිය යුතු බලපෑමක් මෙසේ වායුගෝලයේ පිරිසිදු බව වැඩි කිරීමට උපකාරී වී ඇති බවයි.

වසරකට පෙර පැවති තත්වයට සාපේක්ෂව නගර වල රථවාහන මට්ටම් 35% කින් පහත වැටී ඇතැයි ගණන් බලා තිබේ. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව, මේ සතියේ දින කිහිපයක් තුළ කාබන් මොනොක්සයිඩ් විමෝචනය 50% කින් පමණ පහත වැටී ඇත. නිව්යෝර්ක් හී CO2 5-10% ක අඩුවීමක් සහ මීතේන් හි විශාල පහත වැටීමක් ද සිදුවී ඇති බව ඔවුන් සොයාගෙන ඇත.

මෙම සොයාගැනීම් සඳහා අනතුරු ඇඟවීම් ගණනාවක් තිබුණද, ඒවා චීනයේ සහ ඉතාලියේ වෛරස් පැතිරීම හා සම්බන්ධ පාරිසරික බලපෑම් ප්‍රතිරාවය කරයි. දේශගුණික වෙබ් අඩවියක් වන කාබන් බ්‍රීෆ් සඳහා කරන ලද විශ්ලේෂණයකින් කියැවුණේ සති දෙකක කාලයක් තුළ චීනයේ බලශක්ති භාවිතය හා විෂ වායූන්ගේ විමෝචනය 25% කින් අඩුවී ඇති බවයි. මෙය මේ වසරේ චීනයේ කාබන් විමෝචනය 1% කින් පමණ පහත වැටීමට හේතු වනු ඇතැයි විශේෂඥයෝ විශ්වාස කරති.

චීනය සහ උතුරු ඉතාලිය යන දෙරටෙහිම නයිට්‍රජන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර එය අඩු මෝටර් වාහන ගමන් සහ කාර්මික ක්‍රියාකාරකම් වල පහත වැටීම හේතුවෙන් සිදු වී ඇත. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව බරපතල වායු දූෂකයක් මෙන්ම ප්‍රබල උනුසුම් රසායනික ද්‍රව්‍යයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි