×

මැලේසියානු රජය පාසල් 400 ක් වසා දමයි

ජලය සහ වාතය දූෂණයට ලක්ව රෝගාතුරු වීමෙන් මේ වන විට මැලේසියාවේ මිය ගොස් සිටින පාසැල් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 104කි


මැලේසියාවේ පාසැල් 400ක් වසා දමන්නට එරට රජය විසින් පියවර ගෙන ඇත. මීට හේව වී ඇත්තේ ශිෂ්‍යයින් ක්‍රමයෙන් විශාල වශයෙන් රෝගාතුරු වීමයි.

මැලේෂියාවේ ප්‍රදේශ කිහිපයක සිදුවන දැඩි වායු දූෂණය හේතුවෙන් මේ වන විට එහි ජනතාව ඉමහත් අපහසුතාවට ලක්ව ඇත.ජලය සහ වාතය දූෂණයට ලක්ව රෝගාතුරු වීමෙන් මේ වන විට මැලේසියාවේ මිය ගොස් සිටින පාසැල් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 104ක් බව අනාවරණය වේ.

කර්මාන්ත ශාලාවල අප ජලය එරට ගංගා පද්ධතියට මුදා හැරීම හේතුවෙන්ද මේ වන විට විශාල පිරිසක් පීඩාවට ලක්ව සිටින අතර පසුගිය මාර්තුවේද 4000කට අධික පිරිසක් රෝගාතුරු වී පාසැල 100ක් වසා දැමින.

දටරුවන් බේරා ගැනීමේ අදහසින් එරට රජය මෙම පියවර ගෙන ඇති අතර වැඩි හිටියන් වෙතද ආරක්ෂාකාරී වන ලෙස මැලේසියානු රජය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. පවතින තත්ත්වය සමථයකට පත් වන තුරු පාසැල් වසා දැමෙනු ඇති අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාත්මක වන බව එරට රජය දන්වා සිටී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි