×

බග්දාදිගේ අනුප්‍රාප්තිකයා සහ ISIS හී හෙට දවස ???

ඉරාකයේ දේශ පාලන විශ්ලේෂක හිවා ඔස්මාන් පවසන්නේ නව අයි එස් අයි එස් නායකයෙකුගේ නමක් ඉස්මතු වීමට වැඩි කල් නොයනු ඇති බවයි.


ISIS නායක අල් බග්දාදි මරා දැමූ බව ඇමරිකා එක්සත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නිවේදනය කලේය. ඔහුගේ මරණය විසින් ලෝකය හමුවේ ISIS සංවිධානය විසින් එල්ල වී තිබූ බලපෑමද අවසන් වුණාද? ISIS සංවිධානයේ ඉදිරිය කෙසේ වේද කොටින්ම කිවහොත් ලෝකයට පිළිළයක් ව තිබූ  ISIS මෙතෙකින් නවතීද? ආදිය දැන් අප ඉදිරියේ ඇති ගැටළුය.

ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශ කලේ අල් බග්දාදි හැරෙන්නට ඔහුගේ දරුවන් තිදෙනාද පසුගියදා සිදු කළ මෙහෙයුම් වලදී ඝාතනය කළ බවයි.

අබු බකර් අල්-බග්දාදිගේ මරණයෙන් පසුව පවා ලෝකය හමුවේ ඇති තර්ජන ගැන ලෝක නායකයින් සහ කලාපීය විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ.

අල්-බග්දාදිගේ අණ යටතේ, අයි එස් අයි එස් ත්‍රස්තවාදී සංවිධානය නූතන ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ සන්නද්ධ කණ්ඩායම් වලින් එකක් බවට පත්වූයේය. එහි උච්චතම අවස්ථාව වන්නේ කැලිෆේට් හෙවත් ඉස්ලාම් රාජ්‍යය සිතු සේ ඉරාකය සහ සිරියාව පුරා භූමි ප්‍රදේශය ආවරණය කරමින් පිහිටුවා ගන්නට ඔවුන් සමත් වීමයි. ඔවුන් අන් රටවලින් අත් පත් කර ගත් භූමි ප්‍රමාණ අවම වශයෙන් එක්සත් රාජධානියේ භූමි ප්‍රමාණයට සමාන විය.

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් ද ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අනුගාමිකයින් ඔවුන් හා එක්වන ලෙස දිරිමත් කරමින් අයි එස් සංවිධානය සිය බලය වැඩි කරගනිමින් සිටි අතර සටන්කාමී ලෙස මෙන්ම අනුකම්පා විරහිත ලෙස ඉරාකයේ සහ සිරියාවේ සමූහ ඝාතන, හිස ගසා දැමීම් සහ ස්ත්‍රී දූෂණ සිදු කරන ලදී. මැද පෙරදිගින් ඔබ්බට ප්‍රහාර එල්ල කළ අයි එස් ත්‍රස්තවාදීන්දීන්ය ඊළඟ වසරවලදී, බොහෝ විට ඔවුන්ට අත්පත් කරගෙන සිටි භූමීන් අහිමිවීමද දැක ගත හැකි විය.

Al-Baghdadi detonated a suicide vest after being cornered by the US forces [Ahmet Weys/Anadolu]
බග්දාදි සිය දිවි නසා ගත් ඔහු සැගවී සිටි ස්ථානය

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි ආරක්ෂක අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය ඇන්ඩ්‍රියාස් ක්‍රිග් පවසන්නේ මෙම ත්‍රස්තවාදී නායකයාගේ මරණය ට බොහෝ දුරට ඇත්තේ සංකේතාත්මක වැදගත්කමක් පමණක් බවයි. ඔහුට අනුව අයි එස් අයි එස් යනු නායකයෙකු නොමැතිව ගොඩනැගෙන අථත්‍ය ප්‍රජාවකි. ”පසුගිය වසර ගණනාවක් තිස්සේ මම පැවසුවා මෙම සංවිධානය කිසියම්ම හෝ විදියට සිය අවසාන අරමුණ වන අතථ්‍ය කැලිෆේට් රාජ්‍ය හෙවත් ඉස්ලාමීය මනෝ රාජික භූමිය තුළ වපුරා අවසන්. ලෝකයේ කණ්ඩායම් වලට මිලදී ගැනීමට හා ලෝකය පුරා විකුණා දැමිය හැකි තරමට ඔවුන් සිය මනෝරාජික ඉස්ලාම් රාජ්‍ය ගොඩ නගාගෙන. ”

”ඔවුන්ගේ ඊනියා මනෝරාජික රාජ්‍යයේ නායකයා කියා ගන්නා පුද්ගලයා මිය ගියා කියන එක කිසිම අයුරකින් හැගීම් දනවන එකක් නොවෙයි. මන්ද භෞතිකව ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍ය බිඳ වැටුණ යුගයක වුව ඉරාකය හා සිරියාවේ භූමිය යට සැගවුණ කණ්ඩායම් සේම ඇෆ්ගනිස්ථානයේත් සහරා අප්‍රිකාවේ මෙන්ම තවත් තැන්වල සටන් කරාවි.”

ඔහු තවදුරටත් එසේ පවසයි.

බග්දාදිගේ මරණයට හේතු වූ ඇමරිකානු මෙහෙයුම වටා බැදුණූ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතී. මීට පෙරද කිහිප වතාවක්ම ඔහු මිය ගිය බවට සැක කරන ලදී. ඔහුගේ ඝාතනය පිළිබදව එක්සත් ජනපදය විසින් සිදු කළ ප්‍රකාශය විසින් ද ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන් වනු ඇතිදැයි යන්න ප්‍රශ්න කරමින් සිටී. කෙසේ හෝ වේවා තවමත් අයි එස් අයි එස් ත්‍රස්තවාදී සමාජ මාධ්‍ය නාළිකා හෝ සිය නායක අල් බග්දාදිගේ මරණය ගැන එක්සත් ජනපද ප්‍රකාශය සනාථ කර නැත. නමුත් ඉරාකයේ දේශ පාලන විශ්ලේෂක හිවා ඔස්මාන් පවසන්නේ නව අයි එස් අයි එස් නායකයෙකුගේ නමක් ඉස්මතු වීමට වැඩි කල් නොයනු ඇති බවයි.

ඔහු අල් ජසීරා පුවත් සේවය අමතමින් පවසා තිබුණේ.. ලෝකයේ රැඩිකල් ත්‍රස්තවාදී කණ්ඩායම් ඉතිහාසය දෙස බලන විට ඉරාකයේ අල්කයිඩා නායක අබු මස්බ් අල් සර්කාවි ඝාතනය කළ විට එම කණ්ඩායම තවත් කෙනෙකුගේ භාරයට පත් වීමට වැඩි කළ නොගිය බවත්.. ඔසාමා බින් ලාඩන් ඝාතනය කළ විටද ඔහුගේ තැන තවත් කෙනෙකුට දෙන්නට ඔවුන් ඉතා ඉක්මන් වූ බවත් අයි එස් අයි එස් තුළින්ද එවැන්නක්ම බලාපොරොත්තු විය හැකි බවත්ය.

කෙසේ වෙතත් අල් බග්දාදිට පසුව ඔහු පිටුපසින් නායකත්වය සදහා සුදුස්සන්ගේ ලැයිස්තුව කෙටි බව ජාත්‍යන්තර ආරක්ෂක අංශ තොරතුරු අනුව පැහැදිලි වේ. මේ අතර අයි එස් අයි එස් පිළිබද ඉරාක විශේෂඥ හිෂාම් අල් හෂේමි පවසන්නේ බග්දාදාගේ අනුප්‍රාප්තිකයන් අතර දෙදෙනෙකු කැපී පෙනෙන බවයි අබු ඔත්මන් අල් ටුන්සි සහ හජ් අබුදුල්ලා ලෙස හැදින්වෙන අබු සාලේ අල් ජුස්රාවි යනු එම දෙදෙනාය.

අල් හෂෙමි පවසන පරිදි මින් පළමු වැන්නා ටියුනීසියානු ජාතිකයෙකු මෙන්ම අයි එස් අයි එල් පාලක සහ උපදේශන මණ්ඩලය වන අල් ෂූරා කවුන්සිලයේ සාමාජිකයෙකි.

දෙවැන්නා එම සංවිධානයේ විධායක මණ්ඩලයේ කමිටු සාමාජික මෙන්ම නයෝජිත කමිටුයේ එමීර්වරයා ලෙස සැළකෙන සෞදි ජාතිකයෙකි.

හෂෙමිට අනුව මොවුන් දෙදෙනාගෙන් කවුරුන් තේරී පත්වන්නේදැයි යන්න මතභේදාත්මක වනු ඇත. මන්ද ඔවුන් දෙදෙනාම සිරියානු හෝ ඉරාක ජාතිකයන් නොවන බැවිනි.

එසේ වුවත් සන්නද්ධ සටන් කණ්ඩායම් පිළිබද අධ්‍යයනය කරන්නෙකු සහ විශේෂ‍ඥයෙකු වන අයෙමන් ජවාද් තමිනි AFP පුවත් සේවයට පවසන්නේ බොහෝ විට හජ් අබ්දුල්ලා අල් බග්දාදිගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩ ඇති බවයි.
”ඔහු බග්දාදිගේ අනුප්‍රාප්තිකයා ලෙස මීට පෙර හෙළිදරවු වූ අයි එස් අයි එල් ලේඛන වල සදහන් වී තිබූ අතර මගේ දැනුමට අනුව ඔහු මිය ගොස් නැහැ;” ඔහු පවසයි.

අබ්දුල්ලා කර්ඩාෂ් නම් හිටපු අයි එස් අයි ජ්‍යෝෂ්ඨ චරිතයක් වන හිටපු ඉරාක හමුදා නිළධාරී වරයා අල් බග්දාදිගේ අනු ප්‍රාප්තිකයා ලෙස සළකන්නටද හේතු සාධක පවතී. ඔහුව ඇමරිකා එක්සත් ජනපදය මගින් මෙහෙයවන ඉරාක සිරකදවුරක් වන බුකාඩාහී අල් බග්දාදි සමග සර ගතව සිටි අයෙකි.

නමුත් ඉරාක බුද්ධි අංශ තොරතුරු හුවා දක්වන අල් හෂේමි පවසන්නේ අබ්දුල්ලා අල් කර්ඩාෂ් 2017 වසරෙදී මිය ගිය බවයි.
කෙසේ වෙතත් මොවුන් අතරින් කවුරුන් නායකයා වුවද ඔහුට සිදු වන්නේ විසිරී ගිය මෙන්ම බිද වැටුණු ත්‍රස්තවාදී කණ්ඩායමක නායකත්වය සැරීමේ දුෂ්කර කාර්යයි.

දේශ පාලන විචාරකයෙකු මෙන්ම සමීක්ෂකයෙකු වන හසන් හනියා පවසන්නේ අල් බග්දාදිගේ මරණය සැළකිය යුතු වෙනසක් අයි එස් අයි එස් ත්‍රස්තවාදී සංවිධානය තුළ ඇති නොකරනු ඇති බවයි. එමෙන්ම ඔවුන්ට සිය මනෝ රාජිකය වන කැලිෆේටි හී භූමිය ආරක්ෂා කර ගැනීමට තව දුරටත් නොහැකි වී ඇත. ඔහුට අනුව බද්ධාදි මිය යෑම අයි එස් අයි කණ්ඩායමට සහනයකි. මන්ද තව දුරටත් ඔවුන්ට එවැන්නෙක් රැක ගැනීමේ දුෂ්කර කාර්ය කිරීමේ වගකීම නොපැවටෙන්නේය.

ඔහු පවසන්නේ ඉරාකයේදී සහ සිරියාවේදී අයි එස් අයි එස් පරාජය වූ දා සිට අල් බග්දාදි එයට බරක් වූ බවයි.
”” ඔහු අල් ජසීරා පුවත් සේවය හා පවසා ඇත්තේ . “මම හිතන්නේ අයිඑස්අයිඑල් දිගටම පවතිනු ඇති නමුත් එය රාජ්‍යයක් හෝ කාලිෆේට් එකක් නොව සංවිධානයක් බවට පත්වනු ඇත .. යනුවෙනි.

සන්නද්ධ කණ්ඩායම් පිළිබඳ පර්යේෂකයෙකු හා විශේෂඥයෙක් යෙකු වන නේට් රොසෙන්බ්ලැට් අල්-බග්දාදිගේ මරණය සමඟ පැවසුවේ, “අයිඑස්අයිඑල් අනුබද්ධ කණ්ඩායම් වලට පක්ෂපාතීත්වය වෙනස් කිරීමට හෝ බග්දාදිගේ අනුප්‍රාප්තිකයාට පක්ෂපාතීත්වය ගොඩ නැගා ගැනීමට අවස්ථාවක් නොමැති” බවයි.

මෙය සිරියාවේ ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් වන හේයිට් තහීර් අල්-ෂාම් සහ හුරාස් අල්-ඩීන් කණ්ඩායමට ශක්තියක් වනු ඇතැයි ඔහු ඒඑෆ්පී වෙත පැවසීය. මන්ද මෙම කණ්ඩායම් දෙකම දේශීය වශයෙන් අයිඑස්අයිඑල් මුලිනුපුටා දැමීමට උත්සාහ කර ඇත.

අයි එස් අයි එස් ට එරෙහි සටන් තවදුරටත්.

ලෝක නායකයින් පවසන්නේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ලෝකයෙන් මුලිනුපුටා දැමීමේ සටන තව දුරටත් සිදු කළ යුතු බවයි. රුසියාව විසින් එක්සත් ජනපදයේ හමුදා මෙහෙයුම පිළිබදව ප්‍රශංසා සිදු කළ අතර ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොවු පැවසුවේ මෙවැනි මෙහෙයුමක් පිළිබද වොෂිංටනය කල්තියා රුසියාව දැනුවත් කළා යැයි ඇමරිකානු ප්‍රකාශය පුතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහි සටනකට තමන්ගේ දායකත්වය පිළිබදව සාකච්ඡා කිරීමට තම රට නොපැකිලෙන බවද ඔහු පැවසීය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ අල්බග්දාදිගේ මරණය අයි එස් සංවිධානයට එරෙහි විශාල පහරක් වන නමුත් “සටනේ අවසානයේ වනු ඇත්තේ මෙම ත්‍රස්ත සංවිධානය පරාජය කිරීම” යනුවෙනි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ “අයිඑස් ත්‍රස්තවාදීන්ගේ මිනීමරු, ම්ලේච්ඡ ක්‍රියාකාරකම් අවසන් කිරීමට අපි අපගේ හවුල්කාර රාජ්‍ය්‍යන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු” යනුවෙනි.

අයි එස් සංවිධානයෙහි වැදගත් ඉලක්කයක් වන අග්නිදිග ආසියාවේ බලධාරීන් කියා සිටියේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායමේ මතවාදය බිඳ දැමීම සඳහා සිය ආරක්ෂක අංශ දිගු සටනකට සූදානම් වන බවයි.

ආසියාවේ වඩාත්ම සංවිධානාත්මක සහ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක නිවහන වන පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව කියා සිටියේ “හුදකලා වෘකයා” ප්‍රහාර ඇතුළු අයි එස් අයි එස් පාක්ෂිකයින්ගෙන් පළිගැනීමට තමන් සූදානම් බවයි.

අල් බග්දාදිගේ මරණය අයි එස් සංවිධානය අවුල් කරනු ඇතත්, එහි හැකියාවන් සහ හා භයානක භව තවදුරටත් පවතින බව පිලිපීනයේ ආරක්ෂක ලේකම් ඩෙල්ෆින් ලොරෙන්සානා පවසයි.

“නායකයෙකු ලෙස අල්-බග්දාදි ගේ පෞරුෂය සලකා බැලීමේදී මෙය සංවිධානයට පහරක්. නමුත් අයි එස් සංවිධානය ලොව පුරා සංවිධාන වී ඇති ගැඹුර හා ළඟාවීම සලකා බැලීමේදී ඇති වූ සුළු පසුබෑමක්” යැයි ලොරෙන්සානා පැවසීය.

“කවුරුන් හෝ ඔහුගේ ස්ථානය ගනීවි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි