×

ලතින් ඇමරිකානු කෙනඩි හෙවත් පේරු හි හිටපු ජනපති ඇලන් ගාෂියා, සිය දිවි නසා ගනී.

ඔහු1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා කාලය අතර තුර පේරු හී ජනාධිපති ධූරය හොබවන ලදී.



පේරු හී හිටපු ජනපති ඇලන් ගාෂියා සිය හිසට වෙඩි තබා ගනිමින් සිය දිවි නසා ගෙන ඇති බව වාර්ථා වේ. වෙඩි තබා ගැනීමෙන් පසු ඔහුව රෝහල් ගත කළද මේ වන විට වාර්ථා වන්නේ ඔහු මිය ගොස් ඇති බවයි.

”ලතින් ඇමරිකානු කෙනඩි” නමින් හදුන්වන ඔහුගේ සිය දිවි නසා ගැනීමත් සමග ඔහුගේ අධාර කරුවෝ රෝහල ඉදිරියේ සහ පේරු හී අග නුවර වන ලීමා හී පොලීසිය අවට රැස්වී සිටිති.
බ්‍රසීල ඉදිකිරීම් ආයතනයකින් අල්ලස් ලබා ගත් බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබූ අතර ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී, ඇලන් ගාර්ෂියා 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා කාලය අතර තුර පේරු හී ජනාධිපති ධූරය හොබවන ලදී.

ඔහු සිය දිවි නසා ගැනීමට පෙර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා ආරක්ෂක නිළධාරීන් යමින් සිට ඇත. ආරක්ෂක නිළධාරීන් ළගා වූ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන් තමන්ට දුර කථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා සිය කාමරය වෙත ගොස් දොර වසා ගැනීමෙන් අනතුරුව මෙසේ වෙඩි තබා ගෙන ඇත.

1949 වසරේ මැයි මස 23වන දින උපත ලබා ඇති ඇලන් ගාර්ෂියා සමාජවිද්‍යාව සහ නීතිය හැදෑරූ අයෙකි. මෙතෙක් ඉතිහාසයේ පේරුහී ජනපති ධූරය දිනූ ලාබාලතම ජනපතිවරයා ඔහු විය. ඒ වයස අවුරුදු 36 දීය. චතුර කථිකයෙකු වූ නිසාම ලතින් ඇමරිකානු කෙනඩි යන නම ඔහුට පට බැදී තිබුණ අතර දෙවතාවක් පේරු හී ජනපති ධූරය හොබවන ලද්දේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි