×

ලොව අඩුම උපත් අනුපාතයක් ඇති දකුණු කොරියාවේ ජනගහණ මට්ටම සීග්‍රයෙන් පහළ බසී

2022 වසරේ සිට දරු ප්‍රසූතියක් සදහා සූදානම් වන සෑම දෙමවුපියෙකුටම ප්‍රසූතියට පෙර අවශ්‍ය වියදම් සදහා වොන් මිලියන 2ක්


ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු කොරියාවේ වාර්ෂික මරණ අනුපාතය උපත් අනුපාතයට වඩා ඉහළ අගයක් ගෙන ඇති බව වාර්ථා වේ. මේ වන විටත් ලොව අඩුම උපත් අනුපාතයක් ඇති රට වන දකුණු කොරියාවේ පසුගිය වසර තුළ උපත ලබා ඇත්තේ බිළිදුන් 275800ක් පමණී. එය ඊට පෙර 2019 වසරේ උපත් අනුපාතයට වඩා සියයට 10 ගුණයකින් පහළ බැසීමකි. නමුත් පසුගිය වසරේ වාර්ථා වූ මරණ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක් ගන්නා බව වාර්ථා වේ 2929 වසරේ මිය ගිය දකුණු කොරියානුවන් ගණන 30776 කි.

ඕනෑම රටක පහත වැටෙන ජන සංඛ්‍යාව එරට අනාගතය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කරනු ලබන්නේය. මන්ද යත් සෞඛ්‍ය සේවා හා විශ්‍රාම වැටුප් සඳහා වන ඉල්ලුම ඉහළ යන විට රාජ්‍ය වියදම් සඳහා වන පීඩනය වැඩිවීමට අමතරව, තරුණ ජනගහනය අඩුවීම ද ආර්ථිකයට සෘජුවම බලපාන ශ්‍රම හිඟයට හේතු වේ.

මේ සම්බන්ධව දකුණූ කොරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් විශේෂ අවධානයක් යොමු කරමින් සිටින අතර ජනගහණය අඩුවීමේ ප්‍රවණතාව වෙනස් කිරීම වෙනුවෙන් පියවරයන් ගැනීමට කටයුතු කරමින් සිටී, එරට ජනපති මුන් ජේ ඉන් විසින්ද මේ සම්බන්ධව රජයේ අවධානය පිළිබදව අදහස් දක්වමින් පවසා සිටින්නේ අඩු උපත් අනුපාතිකයට විසඳුම් සෙවීමේ ප්‍රතිපත්ති කිහිපයක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව 2022 වසරේ සිට දරු ප්‍රසූතියක් සදහා සූදානම් වන සෑම දෙමවුපියෙකුටම ප්‍රසූතියට පෙර අවශ්‍ය වියදම් සදහා වොන් මිලියන 2ක් එනම් (ඩොලර් 1,850 ක මුදලක්ද ප්‍රසූතියෙන් පසු දරුවාගේ වයස අවුරුදු එකක් වන තුරු මාසිකව වෙන් 300000 මුදලක් ද රජය මගින් ගෙවනු ලැබේ 2025 වසරේ සිට මෙම දීමනාව වොන් ලක්ෂ 5ක් දක්වා වැඩිවනු ඇත.

මෙසේ දකුණූ කොරියානු ජනගහණය පහත වැටීමට බලපා ඇති හේතූන් ලෙස අනාවරණය වී ඇත්තේ දකුණූ කොරියානු කාන්තාවන් විශාල ලෙස රැකියාව සහ සිය  පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාව ඇති කර ගැනීමට අරගල කිරීම හේතුවෙනි. දරුවන් ගැන සිතනවාට වඩා රැකියාවෙහි ආරක්ෂිත බව ඉහළ නංවා ගැනීම වැදගත් බව බොහෝ දකුණූ කොරියානු කාන්තාවන්ගේ මතය බවට පත්වී ඇත.

රට තුළ දේපළ මිල ගණන් ඉහළ යෑමද මෙසේ උපත් අනුපාතය අඩු වීමට හේතුවක් වී ඇත. දරුවන් ලැබීමටනම් තමන්ගේම නිවසක් තිබිය යුතු බව ඔවුන්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි