ජර්මානු ජාතික ඔහු භෞතික විද්‍යාවේ හැඩරුව විප්ලවයකට බඳුන් කළේ සාපේක්ෂතාවාදය පිළිබඳ සිද්ධාන්තය ඉදිරිපත් කිරීම මගිනි.
1921 දී ඔහු සෛද්ධාන්තික භෞතික විද්‍යාවට කළ සේවය සඳහා, විශේෂයෙන්ම “ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ රීති” සොයා ගැනීම සඳහා, නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය. පසුකාලීනව ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත අනාවරණය කර ගත්තේය.
ජර්මානු ජාතිකයෙක් වී දෙවැනි ලෝක යුද සමයේ ජීවත් වුවත් අයින්ස්ටයින් කිසි විටෙක හිට්ලර් ගේ නාසිවාදයට උදව් නොකළේය. ඔහු 1933 හෙවත් ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත්වූ වර්ෂයේ අමෙරිකාව බලා ගොස් එහිම පැලපදියම් විය. ඒ බර්ලිනයේ විද්‍යා ඇකඩමිය මගින් පිරිනමා තිබූ මහාචාර්ය ධුරය ද ප්‍රතික්ෂේප කරමිනි.
1940 වර්ෂයේ අමෙරිකාවේ පුරවැසිභාවය ලද අයින්ස්ටයින් ජර්මනියේ සතුරෙක් බවට පත් විය. දෙවැනි ලෝක යුද්ධය පවතින අතර, එක් සැදෑවක ඔහු අමෙරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩී. රුස්වෙල්ට් ගෙන් ඇසුවේ “ජර්මනිය පරමාණු බෝම්බයක් තනනවා වෙන්නට බැරිද ?” කියාය. අමෙරිකාව ද වහාම පරමාණු තාක්ෂණය දියුණු කර ගත යුතුබව අයින්ස්ටයින්ගේ තර්කය විය. අමෙරිකාව මැන්හැටන් ව්‍යාපෘතිය ට අත ගැසුවේ අයින්ස්ටයින් එදා ඇසූ එම ප්‍රශ්නය නිසාය.
නිතරම ප්‍රශ්න ඇසීම අයින්ස්ටයින්ගේ ලක්ෂණයක් විය. වරක් ඔහු කියා සිටියේ ‘‘ඊයේ දවසින් පාඩම් ඉගෙන ගන්න. අද දවසේ ජීවත් වෙන්න. හෙට දවස බලාපොරොත්තුවෙන් සිටින්න. එහෙත් කිසි විටෙක ප්‍රශ්න කිරීම නතර කරන්න එපා‘‘ යනුවෙනි.