×

ඔටුණු නොපළන් ප්‍රංශ රජු ”ඇලෙක්සැන්ඩර් ඩුමා”

ලොකයේ නිර්මාණ කරුවන් බෙහෝමයක් මෙන්ම ඩූමාගේද ජීවිතයේ ආරම්භය සතුට පිරුණ වාසනාවන්ත එකක් නොවීය. එහි පිරී තිබුණේ සොම්නසත් අවාසනාවත් පමණි. ඒ අවාසනාවද දුකද පසු කාලයක ඔහුව අග්‍රගණ්‍ය ලේඛකයෙක් බවට පත් කලේය.


මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ගැන අසා නොතිබෙන සාහිත්‍ය ලෝලියෙක් ලෝකයේ කොතැනක වුවත් සිටිය හැකි යැයි සිතීමත් අපහසුවකි. 1845 දී ලෝකයට බිහි වූ මෙම කෘතියේ රචකයා ඇලෙක්සැන්ඩර් ඩූමා ලෝකයේ බිහිවූ අග්‍රගන්‍ය ලේඛකයෙක් යන්න අවිවාදිතය. කලාකරුවන් රැසක් බිහිකළ ප්‍රංශ විසින් ඇලෙක්සැන්ඩර් ඩූමාද බිහි කරන ලද අතර ඔහු 19
19 වැනි සියවසේ ප‍්‍රංශයෙන් බිහි වූ ජනපි‍්‍රයම ලේඛකයකු ලෙසින් අවිවාදයෙන් පිළිගැනෙන්නෙකි, ඒ නිසාම ප‍්‍රංශ ජාතිකයන් මොහුව හැඳින්වුයේ ප‍්‍රංශයේ “ඔටුනු නොපළන් රජ්ජුරුවෝ” යනුවෙනි.

ලොකයේ නිර්මාණ කරුවන් බෙහෝමයක් මෙන්ම ඩූමාගේද ජීවිතයේ ආරම්භය සතුට පිරුණ වාසනාවන්ත එකක් නොවීය. එහි පිරී තිබුණේ සොම්නසත් අවාසනාවත් පමණි. ඒ අවාසනාවද දුකද පසු කාලයක ඔහුව අග්‍රගණ්‍ය ලේඛකයෙක් බවට පත් කලේය.

1802 ජූලි 24 වැනි දා ප‍්‍රංශයේ කොටේරේ නම් ගම්මානයේ ඔහු උපත ලැබුවේය, ඩූමාගේ සීයා ප‍්‍රංශයේ වංශාධිපති පවුලකට අයත් වුවත් ඔහුගේ පියාට සීයාගේ උරුමය හිමි නොවූයේ සීයාට දාව මන්දිරයට පැමිණි වහල් සේවිකාවක ගේ පුතු ලෙස ඔහුගේ පියා උපත ලැබීම හේතුවෙනි ඇය නීග්‍රෝ කාන්තාවක වූවාය. ඔවුන් දෙදෙනාගේ පුත‍්‍රයා වූයේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ පියායි. තෝමස් ඇලෙක්සැන්ඩර් ඩේවි නම් වූ ඔහු නැපෝලියන්ගේ හමුදාවේ ජනරාල් වරයෙකු වූ අතර . ඩූමාට වයස අවුරුදු හතරේදී පියා මොලොවින් සමු ගත්තේය.එතැන් පටන් ඩූමාගේ ජීවිතය කදුළු පිරි එකක් විය.

දහසකුත් කරදර හේතුවෙන් නිසි අධ්‍යාපනයක් ලැබීමට ඩූමාට නොහැකි විය නමුත් ඔහු සාහිත්‍ය කෘති, පොත පත කියැවීම නොවත්වා කෙසේ හෝ කරන්නට අමතක නොකලේය. ඒ පුරුද්ද ඩූමාට පසු කලෙක අග්‍රගන්‍ය ලේඛකයෙකු කිරීමට නිසැකවම බලපාන්නට ඇත. අකුරු වලින් ගොඩනැගි ඇති සියල්ලක් කියවීම පුරුද්දක් කර ගක ඩූමාට තම පියාගේ වික්‍රමාන්විත ගැනද මව විසින් පියා ගැන ඩූමාගේ හිතේ මැවූ චිත්‍රයද නිසාවෙන් ඔහුගේ මනසේ වූ ප්‍රධානම චරිත වූයේ වීරයන්ය.

මව පමණක් රැකියාවක් කිරීමත් ඇය වෙහෙසට පත්වීමත් ගැන දුක් වූ ඩූමා රැකියාවක් සොයා යන්නට විය. කියවීමේ ආශාව නිසාම හොදින් අකුරු උගත් ඔහු ලිපි ලේඛන සම්බන්ධ රැකියා කිහිපයක්ම කරන ලද අතර ඒවා තාවකාලික විය. කෙසේ වෙතත් තව දුරටත් සිය ජීවිතය මේ අයුරින් ගෙවීම නිෂ්ඵල යැයි සිතූ ඔහු අනෙක් කලා කරුවන් මෙන්ම තරඅණ විය එළැඹෙත්ම වයස අවුරුදු 16 දී පැරීසිය බලා පිටක් වන්නේය. පැරීසිය ට ගිය ඔහුට පහසුවෙන් රැකියවක් සොයා ගැනීමට හැකි වූයේ පිය පාර්ශ්වයෙන් ඔහු වංශවත් පවුලකට නෑකම් කියූ හෙයිනි ඒ අනුව ඩූමාට පැරීසියේ ඕලෙන්ස් හි ආදිපාදවරයා ළඟ ලිපිකරුවෙකු ලෙසින් සේවය කිරීමේ අවස්ථාව උදාවුණි. එවකට ප‍්‍රංශයේ ජනපි‍්‍රය වේදිකා නළුවෙකු සිටි ෆ‍්‍රෑන්කෝ – ජෝසෆ් ටෙල්මා ඩූමාට මුණ ගැසෙන්නේ ද මේ කාලයේ දී යි. ඩූමා සිය නිරුමාණ ජීවිතයේ මුල්ම අඩිතාලම නාට්‍ය රචකයකු ලෙස දමන්නේ ඔහුගේ හමුවීමත් සමගිනි.

ඒ අනුව ප‍්‍රථම නාට්‍ය ලෙස 1825 දී නැපෝලියන් බොනපාට් යන නමින් බිහිවන්නේය. පියා ගැන මව විසින් කී කථන්දර වල මතකය ඇතුලත් කර ඔහු එම නාටළ්‍ය්‍ය හැඩ කළේය. ඉන්පසු . 1829 දී IIIවැනි හෙන්රි, 1830 දී කි‍්‍රස්ටීන්, 1831 දී ඇන්තනී, යන නාට්‍ය ඔහු විසින් නිර්මාණය කෙරිණි. ඔහුගේ මුල්ම නාට්‍ය ඔහුව ප්‍රංශය පුරා ප්‍රචලිත වන්නට හේතුවක් විය.

ප්‍රසිද්ධයත් සමග ඩූමා විසින් තව තවත් නිර්මාණ බිහිවන්නට පටන් ගත් අතර ප්‍රශයේ පමණක් නොව ලෝකයේ අන්රටවලද ඩූමා ගැන ප්‍රචලිත වන්නට පටන් ගත්තේය. ළමා කථන්දර පිළිබදවද වැඩි කැමැත්තක් දැක්වූ ඩූමා ලියූ සෑම ළමා කථන්දරයකටම ඉල්ලුම් ගලා ආවේය. 1844 දී ඔහුගේ ‘තී‍්‍ර මස්කටියර්ස්’ කෘතිය එළි දැක්වුණු අතර ඔහුගේ ලේඛනයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් බවට ඔහුගේ පාඨකයන් සියල්ලන්ම එය තහවුරු කළේය. ඩූමාගේ සිය ගණනක් වූ නිර්මාණ අතරින් අගනාම කෘතිය වූයේ 1845 දී ප‍්‍රකාශයට පත් වුණු ‘කවුන්ට් ඔෆ් මොන්ටි කි‍්‍රස්ටෝ ‘ (මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා) නවකතාවයි. මෙම කෘතීන්දෙක සදහා ඔහුට ගත වූයේ අවුරුදු දෙකක් තරම් කාලයකි. ඒ කාල වකවානුව ඔහුගේ නිර්මාන වල ස්වර්ණමය යුගය වූ අතර කාලයක් සමග ඔහු ජීවිතයේ ගැටළු වලට මුහුණ දෙන්නට විය.

පසු කාලයක පුවත්පත් කාලාවේදියෙක් මෙන්ම ඉතාලියේ නේපල්ස් නගරයේ කෞතුකාගාර පාලකවරයෙකු ලෙසින් ද කටයුතු කළ ඔහුට ජීවිතයේ මුල් කාලය මෙන්ම අවසන් කාලයද දුක්බර එකක් විය.

ඔහුගේ ප්‍රත්‍රයාද ඇලෙක්සැන්ඩර් ඩූමා නම්වූ අතර 1870 දෙසැම්බර් 5 වැනි දා ඔහු අවසන් සුසුම් හෙලන තෙක්ම සිය අවසන් කාලය සිය පුත්‍රයා ළග ගෙවා දැමීය. මේ මහා ලේඛකයාගේ ප්‍රතිමාවක් අදද ප‍්‍රංශයේ පැරිස් නගරයේ දී අපට දැකිය හැකි වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි