×

එසෙක්ස් කන්ටේනරය තුළ තිබී හමුවූ මළ සිරුරු 39 ම චීන ජාතිකයන්ගේ – Update

එක්සත් රාජධානියේ එසෙක්ස් ජනපදයෙන් ඊයේ හමුවූ මළසිරුරු 39 ක් පිරුණු කන්ටේනරයේ සිටි සියලු දෙනා චීන ජාතිකයන් බව හෙළි වී තිබේ.


මෙයින් 31 දෙනෙක් පුරුෂයන් වන අතර 8 දෙනෙක් කාන්තාවන් ය.

ඔවුන් අධික ශීතලට හසුවීම නිසා මියගිය බව ද සනාථ වී තිබේ.

නැගෙනහිර ලන්ඩනයට කිලෝමීටර 15 ක් පමණ දුරින් පිහිටා තිබෙන වෝටර්ග්ලේඩ් කාර්මික උද්‍යානයේ නවතා තිබියදී හමුවූ මෙම ලොරි කන්ටේනරය පැමිණ තිබෙන්නේ බෙල්ජියමෙනි. ලොරියේ ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ ‘අයර්ලන්තය‘(“Ireland”) සහ ‘අත්‍යන්ත සිහිනය‘ (“The Ultimate Dream”) යනුවෙන් සඳහන් ස්ටිකර ද අළවා තිබේ. මෙම කන්ටේනරය ප්‍රවාහනය කළ ට්‍රක් රථය අයර්ලන්ත ජාතිකයෙකුගේ නමට ඇති සමාගමකට අයත් බව ද තහවුරු වී ඇත.

එසේම මෙම ට්‍රක් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ ද 25 හැවිරිදි උතුරු අයර්ලන්ත තරුණයෙකි. මේ වන විට ඔහු ව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ට්‍රක් රථයේ රියැදුරු | FACEBOOK

මෙම කන්ටේනරය බෙල්ජියමේ සිට මුහුදු මාර්ගයෙන් එක්සත් රාජධානිය වෙත පැමිණ ඇති බවට සැලකෙන අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

යුරෝපයේ මිනිස් ජාවාරම බහුල ලෙස සිදුවන්නේ ලොරි හෝ ට්‍රක් රථවල නීතිවිරෝධී සංක්‍රමණිකයන් සඟවාගෙනයාම මගිනි. නමුත් මෑත කාලයේදී වාණිජ නෞකා බහාලුම් (කන්ටේනර) වල පටවා මිනිසුන් ජාවාරම් කිරීම වැඩි වී තිබේ.

ඇතැම් අවස්ථාවලදී වාර්තා වී තිබෙන්නේ පවුම් 10,000 ක් වැනි මුදලක් මෙහිදී එක් අයෙකුගෙන් අය කරන බවයි.

පෙර ලිපිය – එක්සත් රාජධානියේ කන්ටේනරයක් තුළ විදේශිකයන් 39 දෙනෙකුගේ මළ සිරුරු



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි