×

එංගලන්තයේ අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් ජුනි 15 සිට නැවත විවෘත වේ

එංගලන්තයේ එළිමහන් වෙළඳපල සහ මෝටර් රථ ප්‍රදර්ශනාගාර ජුනි 1 සිට නැවත විවෘත වේ.


එංගලන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙදසැල් ජුනි 15 සිට නැවත විවෘත කළ හැකි බව බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්, මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහි සටනේ අඛණ්ඩ ප්‍රගතියක් ඇති නිසා වන අතර, සිල්ලර වෙළෙන්දන්ට පාරිභෝගිකයන් සහ සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සිදුවනු ඇතැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සිල්ලර අංශය සඳහා අවශ්‍ය සමාජ දුරස්ථභාවය සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් සපුරාලීම සඳහා ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරමින් නව මග පෙන්වීමක් ප්‍රකාශයට පත් කර ඇති බව ජොන්සන් මහතා පැවසීය. “වෙළඳසැල් නැවත විවෘත කිරීමට පෙර මෙම මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීමට දැන් කාලය තිබේ,” ඔහු පැවසීය. “ඔවුන් ගත යුතු පියවර පිළිබඳව කිසිදු සැකයක් නොමැති බව මෙයින් සහතික කෙරේ.”

සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ව්‍යාපාරික ලේකම් ආලෝක් ෂර්මා මහතා පැවසුවේ “මෙම ව්‍යාපාර විවෘත කිරීමට හැකිවීම අපගේ ආර්ථිකය නැවත ගොඩනැංවීමේ මාවතේ තීරණාත්මක පියවරක් වනු ඇති අතර එය එක්සත් රාජධානිය පුරා රැකියා මිලියන ගණනකට සහාය වනු ඇත.”

බ්‍රිතාන්‍ය කර්මාන්ත සම්මේලනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නව මඟ පෙන්වීම සිල්ලර වෙළෙන්දන්ට සිය වෙළදසැල් ආරක්ෂිතව විවෘත කිරීමට උපකාරී වන බවයි.

කෙසේ වෙතත්, සියලු ව්‍යාපාර මෙම නිවේදනය ගැන සතුටු වන්නේ නැත. බ්‍රිතාන්‍යයේ ස්වාධීන සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය පැවසුවේ කුඩා වෙළඳසැල් බොහොමයක් ලබන සතියේ සිට විවෘත කිරීමට සූදානම් වෙමින් සිටින බවයි. “එබැවින් කුඩා සිල්ලර වෙළෙන්දන්ට ජුනි 15 වනදා දක්වා විවෘත කිරීමට නොහැකි වීම තරමක් කනගාටුවට කරුණකි.” ඔවුන් ප්‍රකාශ කර ඇත.

එංගලන්තයේ එළිමහන් වෙළඳපල සහ මෝටර් රථ ප්‍රදර්ශනාගාර ජුනි 1 සිට නැවත විවෘත වේ.

මේවන විට එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 121 කින් ඉහළ ගොස් 36,914 ක් වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි