×

ටොරොන්ටෝ ගුවන් තොටුපළේ අනතුරෙන් සියලුදෙනා දිවි ගලවා ගනි

විමර්ශනයේ මුල් අවධියේ පවතින හෙයින් මෙතෙක් අනතුරට හේතුව වාර්තා වී නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපළට ගොඩබෑමේදී කඩා වැටුණු ඩෙල්ටා එයාර් ලයින්ස්(Delta Air Lines Flight 4819) ගුවන් යානයේ සියලුම මඟින් බේරාගෙන ඇති බව වාර්තා වේ.

මිනියාපොලිස් සිට පැමිණි ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද සහිතව 80 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් මගීන් 18 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර කිසිදු ජිවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

පරීක්ෂණ සඳහා ධාවන පථ දෙකක් දින කිහිපයක් වසා තබනු ඇති අතර විමර්ශනයේ මුල් අවධියේ පවතින හෙයින් මෙතෙක් අනතුරට හේතුව වාර්තා වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි