×

උපාධිය සම්පූර්ණ කිරීමටනම් එක් ශිෂ්‍යයෙක් පැළ දහයක් රෝපණය කළ යුතුයි – පිලිපීනයෙන් අලුත් නීතියක්

මෙම නීතිය ත්‍රියාත්මක කිරීමෙන් වාර්ෂිකව පැළ මිලියන 175ක් රෝපණය කිරීමට පිලිපීනය අපේක්ෂා කරයි.


ඕනෑම උපාධියක් හදාරන සිසුවෙකු සිය උපාධිය සම්පූර්ණ කිරීම සදහා පැළ 10ක් සිටුවිය යුතු බවට වන නව නීතියක් පිලිපීන රජය විසින් හදුන්වා දී ඇත. එරට පාර්ලිමේන්තුව මගින් මෙම නීතිය සම්මත කර ඇති අතර එය පාරිසරික ප“Graduation Legacy For the Environment නමින් හදුන්වා ඇත.


මෙම නව නීතිය මගින් රජය බලාපොරොත්තු වී ඇත්තේ රටේ තරුණ පරම්පරාව පරිසරය රැක ගැීම සදහා යොමු කිරීම මෙන්ම දේශ ගුණික විපර්යාස සම්බන්ධ අභියෝගයන්ට මුහුණ දීමයි. මෙම නීතිය මගින් විස්තර කර ඇති පරිදි එමගින් ස්වභාවිත සම්පත් සාධනීය ලෙසත් සදාචාරාත්මක ලෙසත් භාවිත කිරීම සදහා අධ්‍යාපන පද්ධතිය යොදා ගැනීම සිදු වේ.


පිලිපීන රජය මෙම පියවර මගින් අලුත් ශාක බිලියන 525ක් රෝපණය කිරීමට බලාපොරොත්තු වන අතර එය ගණනය කර ඇත්තේ වාර්ෂිකව පාසැල් අධ්‍යාපනය අවසන් කරන මිලියන 12ක් සිසුන් උසස් අධ්‍යාපන ආයතන වලින් අධයයන කටයුතු අවසන් කරන සිසුන් මිලියන 5ක් සහ විශ්වවිද්‍යාල වලින් පිටවන සිසුන් 500000 කගේ එකතුවෙනි. ඒ අනුව සෑම වසරකම පැළ මිලියන 175ක් රෝපණය කිරීමට නියමිතය.

මෙම පැළ රෝපණය කිරීම සදහා රජය විසින් ප්‍රදේශ නම් කර ඇති අතර කෝරාගත් නාගරික පෙදෙස් මෙන්ම වනාන්තර සහ පතල් ආශ්‍රිත භූමීන්ද එයට ඇතුලත් වේ. මෙහිදී ශිෂ්‍යයයින් විසින් රෝපණය කරන පැළය අනිවාර්යෙන්ම අදාල ප්‍රදේශයේ භූලක්ෂණ වලට ආවේණික පැළ සිටුවීම කොන්දේසියකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි