×

නව වසර ඔන්න මෙන්න තිබියදී මහමග මිය යන තායිලන්ත වැසියෝ

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තායිලන්තය තුළ සෑම මරණ 100000 කටම සියයට 32.2 මරණ වාහන අනතුරු නිසා සිදු වන බවයි. ගිනි කොණ දිග ආසියාවේ මාර්ග අනතුරු හේතුවෙන් දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ වියට්නාමය තුළය.


නව වසර පිළිගැනීමට සූදානමින් සිය ගම් බිම් බලා යෑම සහ කාර්ය බහුල වීම ‍‍‍හේතුවෙන් පසු ගිය දින 3ක කාලය තුළ පමණක් මාර්ග අනතුරු මගින් තායිලන්ත‍යේ මිය ‍‍‍‍‍‍ගොස් ඇති සංඛ්‍යාව 200ක් පමණ වෙයි.

ගිනිකොණ දිග ආසියාවේ මාරක මාර්ග ලෙස හඳුන්වන තායිලන්තායේ අධිවේගී මාර්ගයන් නව වසර ආසන්න වන විට සෑම වසරකම මෙවැනි විශාල සංඛ්‍යාවක් මරණයට පත්වේ.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන් අතර තුර මෙතරම් විශාල මරණ සංඛයාවක් වාර්තා වී ඇත.

මරණයට පත්වූ 200 දෙනාට අමතරව වාහන අනතුරු 1633ක් තායිලන්තයේ මාර්ග තුළ එම දින 3ක කාලය ඇතුලත සිදු වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසු ගිය දෙසැම්බරය ගිනිකොණ දිග ආසියාවේ මරණීයය මාසය ලෙස නම් කරණු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තායිලන්තය තුළ සෑම මරණ 100000 කටම සියයට 32.2 මරණ වාහන අනතුරු නිසා සිදු වන බවයි. ගිනි කොණ දිග ආසියාවේ මාර්ග අනතුරු හේතුවෙන් දෙවනියට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ වියට්නාමය තුළය. එම කලාපය තුළ මාර්ග අනතුරු සම්බන්ධව ඉතා ආරක්ෂාකාරීම රට වන්නේ සිංගප්පූරුවයි. එය සියයට 2.8ක් වන අතර එංගලන්තයේ එම ප්‍රතිශතය සියයට 2.9ක් වේ.

නව වසර ආසන්න කාලය තුළ තායිලන්තය වෙත පැමිණෙන සංචාරක ප්‍රමාණය අඩු වීමට මෙය හේතුවක් වනු ඇත. එරට පොලීස්ය පවසන්නේ මෙම දින තුන තුළ සිදු වූ රිය අනතුරු වලින් 40.9ක් බීමත්කම නිසාද 27.2ක් අධික වේගය නිසාද සිදු වන බවයි. මෙම දින තුනක කාලය තුළ හිස් වැසුම් නොමැතිව ගමන් කිරීම නිසා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෝටර් සයිකල් ප්‍රමාණය 45652කි. එමෙන්ම රියදුරු බලපත් ඉිදිරිපත් නොකිරීම නිසා රියදුරන් 42649ක් අත්අඩංගුවට ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි