×

ජූලියන් අසාන්ජ් ගැන.. නිතර නොඇසුන කථා

හොද සහ නරක පිළිබද සියුම් සංවේදී තීව්‍ර වූ දරුවෙක්


ජූලියන් අසාන්ජ්.. උඩුගං බලා ගිය මිනිසෙක් ලෙස ලෝක ඉතිහාසයෙන් ඉඩක් වෙන් කරගත් පුද්ගලයෙක් බව අප කවුරුත් දන්නා කරුණකි. අසාන්ජ් යනු කවුරුන්දැයි අප සියල්ලන්ම දන්නා කරුණු වලට එහා ගිය අසාන්ජ්ගේ ජීවිතයේ අප අසා නොතිබූ කරුණු සමහරක්..

අසාන්ජ් “Fear of Infinity” මියුසික් වීඩියෝවේ ගායකයා මෙන්ම ප්‍රාසාංගික ශිල්පියාද වෙයි. ඔහු සැබැවින්ම අපූරු ගායනයක් ඉහිදී ඉදිරිපත් කරන්නේය..

Simpsons කාටූනයේ 500 වන කොටසේ ආසාන්ජ් කාටූන් තරුවක් විය.

2007 වසරේදී ග්වන්තනාමෝ සිර කදවුරේ කාර්යපටිපාටිය පිළිබද අත්පොත ප්‍රකාශයට පත් කරන ලදී.

අසාන්ජ් දරුවන් සිවු දෙනෙකුගේ පියෙකි.

අසාන්ජ්ගේ මවගේ දෙවෙනි විවාහයේ පියා විසින් අසාන්ජ් හදුන්වා දෙන්නේ – හොද සහ නරක පිළිබද සියුම් සංවේදී තීව්‍ර වූ දරුවෙක් – ලෙසයි. ඒ කතාව කියන විට අසාන්ජ් වයස පහ හෝ හය ඉක්මවූවා පමණි.

අසාන්ජ්ගේ මව ස්ථිර ජීවිත පැවැත්මක් ගත නොකළ කාන්තාවක වූ අතර විවාහයන් කිහිපයක් කර ගත් ඈ නිතර වාසස්ථාන මාරු කළාය. එසේම, අසාන්ජ් වෙත අධ්‍යාපය ලබා දීමට ‘ගෘහස්ථ පාසල‘ ද ඇතුළු පාසල් තිස් හතකට (37) අසාන්ජ් ඇතුළත් කොට තිබේ.

වසර 2006 දී ‘කවුන්ටර්-පන්ච්‘ (CounterPunch) පුවත්පත විසින් අසාන්ජ් පිළිබද ආන්දෝලනාත්මක හැදින්වීමක් සිදු කළේය. එනම්, අසාන්ජ් යනු, ‘ඔස්ට්‍රේලියාවේ සිටි දැවැන්තම හදුනා නොගත් හැකර් අසානජ්ය‘.යනුවෙනි.

දි ඒජ් (The Age) දිනපතා පුවත්පත විසින් අසාන්ජ් හදුන්වා දෙනු ලැබූයේ, ‘අන්තර්ජාල නිදහසක් වෙනුවෙන් සන්නද්ධ සටන්කරුවා‘ යනුවෙනි.

අසාන්ජ්ට අනුව, අසාන්ජ් යනු – ‘ආත්මාර්ථකාමියෙක්‘ ය.

අසාන්ජ් ‘ද ක්‍රයි ඔෆ් බ්ලඩ්‘ ලිපිය වෙනුවෙන් ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්‘ රාජ්‍ය නොවන සංවිධානය විසින් ‘නව මාධ්‍ය සංවිධාන සම්මානය‘ 2008 දී පිරිනැමීය.

Center for Investigative Journalism විසින් ඔහුව ගවේෂණශීලී මාධ්‍යවේදියෙකු ලෙස පිළිගනු ලැබීය

TIME සගරාව මගින් පැවැත්වූ මත විමසුමක් මගින් වසරේ සම්මානනීය පුද්ගලයා ලෙස, 2010 දී ‘සෑම් ඇඩම්ස් සම්මානය‘ ඔහු වෙත පිරිණැමිණ‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි