×

Science Photographer of the Year – විදු ලෝකය කාච ඇසින්

සබන් බුබුළක සිට, මහ පොළොවට ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් පිහිටා තිබෙන වායු නෙබියුලාවක් දක්වා විද්‍යා ලෝකය කාච ඇසින් නරඹමු.


එක්සත් රාජධානියේ රාජකීය ඡායාරූප සමාජය විසින් සංවිධාන කරන Science Photographer of the Year තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති මේ ඡායාරූප පෙළ පෘථිවියේ අසිරිය අපට වෙනස් කාචයකින්, වෙනස් මානයකින් පෙන්වා දෙයි. මෙම තරගාවලියේ ජයග්‍රාහකයා, ඔක්තෝබර් මස මුල සතියේ ලන්ඩන් හි විද්‍යා කෞතුකාගාරයේ පවත්වන උත්සවයකදී නිවේදනය කිරීමට නියමිත ය.

මෙහි ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ සබන් බුබුළක සමීප දසුනකි.

Soap bubble structures showing light interference colours and patterningImage: Kym Cox/RPS

ඔක්සිජන් සිතියම්ගත කිරීම – Mapping Oxygen
Image: Yasmin Crawford/RPS

යැස්මින් ක්‍රොව්ෆර්ඩ් විසින් මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ ඡායාරූපකරණය පිළිබඳ සිය ආචාර්ය උපාධිය සඳහා ය. එන්සෙෆලොමයිටිස් රෝගයට ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා ඔක්සිජන් වායුව යොදාගෙන කරන පර්යේෂණයක් මෙහිදී ඡායාරූප ශිල්පියාගේ කාච ඇසට මොහොතකට හසු වෙයි.

සදාතනිකත්වයේ නිහැඬියාව – Calmness of Eternity
Image: Yevhen Samuchenko/RPS

හිමාලයේ උස් කඳු මුදුනක් ආශ්‍රිතව පිහිටා තිබෙන ගොසයිකුන්දා විලට ඉහළින් ක්ෂීරපථය දිස්වෙයි. ඒ මන්දාකිණිය, ආලෝක වර්ෂ 200,000 ක් දුර පැතිර තිබෙන්නකි. මහා විශ්වය තුළ පැවති අත්‍යන්ත නිහඬතාවයේ නිමේෂයක් කුහුඹු මිනිසෙකුගේ කාච ඇසට හසුවූ අයුරුයි, මේ.

ආය කටුව – Safety Corona
Image: Richard Germain/RPS

ආය කටුවක් අධි බලැති ඒ සී ජෙනරේටරයකට සම්බන්ධ කළ විට ආය කටුව මුදුනේ කිරීටයක් දිස් වන්නේ මේ අන්දමිනි. මෙහිදී කැමරාව මගින් හසුකර ගෙන තිබෙන්නේ එහි මුදුනත පරාවර්තනය වන ආලෝකය නොව, ඒ වටා ඇති අයනීකරණය වූ වායු ස්ථරය විසින් විමෝචනය කරන ආලෝකයයි.

විලම්බීත වූ පිටි මකුණා – Confused flour beetle
Image: David Spears/RPS

පිටි මකුණෙකු මෙසේ ඡායාරූපයට හසු වන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රස්කෝපයක (ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක) කදාවක් මතදී ය. අනතුරුව ෆොටෝෂොප් මගින් එම ඡායාරූපය වර්ණ ගන්වා ඇත.

උතුරු ඇමරිකානු නෙබියුලාව – NGC7000 North American Nebula
Image: Dave Watson/RPS

සිග්නස් තාරුකා මණ්ඩලය තුළ පිහිටා තිබෙන මෙම නෙබියුලාව හඳුන්වන්නේ The North America Nebula හෙවත් උතුරු ඇමරිකානු නෙබියුලාව යනුවෙනි. යෝධ නෙබියුලාවක් වන මෙය, සැදී තිබෙන්නේ අයනීකරණය වූ වායු ධාරාවන්ගෙනි. උතුරු ඇමරිකානු මහද්වීපයේ හැඩය මෙයට තිබෙන නිසා මෙනමින් හඳුන්වයි.

ගෝන කුරුමිණියා – Stag beetle
Image: Viktor Sykora/RPS

සාමාන්‍ය ප්‍රමාණය මෙන් 5 ගුණයක් විශාලනය කරන ලද ස්ටැග් බීට්ල් කුරුමිණියෙක්.

ලොවෙල් ටෙලස්කෝපය – Lovell Telescope
Image: Marge Bradshaw/RPS

අභ්‍යවකාශය සහ කාලය පිළිබඳ මිනිස් අවබෝධය පුළුල් කරන ලොවෙල් දුරේක්ෂය ඇතුළත දර්ශනකි, මේ. වයඹ දිග ලන්ඩනයේ ජෝර්ඩෙල් ඉවුරේ පිහිටා තිබෙන මේ නිරීක්ෂණාගාරයේ සැකසුම මෙම ඡායාරූපය මගින් දැක්වේ.

උඩුයටිකුරු වූ ජල්ලියෝ – Upside down Jellyfish (Cassiopea xamachana)
Image: Mary Anne Chilton/RPS

මේ ජෙලි ෆිෂ් හෙවත් ජල්ලි මත්ස්‍යයන් හට පිහිනීමට නොහැක. ඒ වෙනුවට උහු ජලය තුළ කුන්දු ගසනවාක් මෙන් පාවෙමින් සිටිති. උන් ආහාරයට ගන්නේ ප්ලැන්කටන් හෙවත් මුහුදු ශාක ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි