×

Amazon සේවකයන්ට රොබෝවක් මිරිස්කුඩු විදලා!

වලසුන් මෙල්ල කිරීම සඳහා විදිනු ලබන මිරිස් සංඝටක අඩංගු ස්ප්‍රේ වර්ගයක් වැරදීමකින් මෙසේ විදීම සිදු කර තිබෙන්නේ ඇමසන් සමාගමේ සේවයේ යොදවා තිබෙන රොබෝවක් විසිනි.


මෙම රොබෝව පැකින් සහ ඩිලිවරින් අංශයේ සේවයේ යොදවා ඇති රොබෝ යන්ත්‍රයකි.

සිද්ධිය හේතුවෙන් සේවකයන් 50 දෙනෙක් පමණ රෝගාතුර වී ඇති අතර, එයින් 24 දෙනෙක් රෝහල්ගත කිරීමට සිදුවිය. හුස්ම ගැනීමේ අපහසුතා, ඇස්වල හා උගුරේ දැවිල්ලෙන් මෙම සේවකයන් පීඩා විඳ තිබේ.

ඇමසන් සමාගම පවසන්නේ සිය සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයේ ලා සලකන හෙයින් සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වන බවයි.

කෝටිපති ජෙෆ් බෙසොෆ්ට අයත් ඇමසන් සමාගම ලෝකයේ වැඩිම ලාභයක් උපයන සමාගම් කිහිපයෙන් එකකි. එසේ වුවත් එහි සේවකයන්ගේ ආරක්ෂාව සහ සේවා පරිසරයේ තත්වයන් පිළිබඳ පසුගිය සමයේ දැඩි විවේචන එල්ල වී තිබේ. සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් පවා මේ පිළිබඳ වරක් විවේචනය කර තිබේ.

මේ අතර ඇමසන් සමාගමේ සේවයේ යොදවා තිබෙන ස්වයංක්‍රීය රොබෝවන් විසින් එහි සේවකයන්ගේ ජීවිත අනතුරරේ හෙළා ඇති බව එම සමාගමේ Retail, Wholesale and Department Store Union වෘත්තීය සමිතිය කියා සිටියි.

Bear spray වර්ගයේ ඉසින දියර, 1980 දශකයේ පටන් ඇමරිකාවේ භාවිතා වන්නකි. එය සමන්විත වන්නේ මිරිස්වල අඩංගු කැප්සසින් රසායනිකයන්ගෙනි. රොබෝව විසින් මෙසේ මුදා හැර තිබෙන්නේ 9oz වෙළඳ නාමය සහිත බෙයා ස්ප්‍රේ වර්ගයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි