×

අමේසන් සමාගම ඉන්දියානු ඌබර් ඊට්ස් ‍සේවය සමඟ සන්ධානගත වීමට සැලසුමක්!

අමේසන් සමාගම ඌබර් කැබ්රථ සේවයට අනුබද්ධ ඉන්දියානු ඌබර් ඊට්ස් නම් ආහාර බෙදා හැරීමේ සේවය සමඟ ක්‍රමෝපායික සන්ධානගත වීමක් අපේක්ෂාවෙන් සිටින බවට වාර්තා වෙයි.


අමේසන් සමාගම ඌබර් කැබ්රථ සේවයට අනුබද්ධ ඉන්දියානු ඌබර් ඊට්ස් නම් ආහාර බෙදා හැරීමේ සේවය සමඟ ක්‍රමෝපායික සන්ධානගත වීමක් අපේක්ෂාවෙන් සිටින බවට වාර්තා වෙයි.

මෙමඟින් අමේසන් ගිණුම් හිමියන් තම සේවාව ලබා ගැනීමේ සුලභතාව නඟා සිටුවීම ඔවන්ගේ අපේක්ෂාව වී තිබේ.

ඇමේසන් සමාගමේ සැලැස්ම වන්නේ තම “ප්‍රයිම්” ගිණුම් හිමියන් හට ඌබර් ඊට්ස් සේවාව අනුගත කර ආහාරපාන ලබා ගැනීමේ පහසුකම් වැඩි දියුණු කිරීම මඟින් ප්‍රයිම් පහසුකම් වල විවිධත්වය පුළුල් කර පාරිභෝගික ආකර්ෂණය නඟා සිටුවීමටයි.

ප්‍රයිම් ගිණුම් යනු වැඩි මුදලක් වැය කිරීම මඟින් අතිරේක වරප්‍රසාද හිමිවන සේවාවකි. එමඟින් සාමාන්‍ය ගිණුම් හිමියන් හට සේවවාන් ලබා ගත නොහැකි අවස්ථාවන් හීදී පවා සේවාවන් ලබා ගැනීමට හැකි වේ.

එමඟින් අමේසන් සේවාව හරහා බඩුභාණ්ඩ මිළදී ගැනීම සඳහා පාරිභෝගිකයන් වැඩි වශයෙන් උනන්දු වනු ඇති බවට එම සමාගම විශ්වාස කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි