×

Amazon හි 18,000කට රැකියා අහිමිවේ.

තාක්ෂණික සමාගම් කිහිපයක් උද්ධමනය ඉහළ යාමත්, පිරිවැය ඉහළයාමත් හේතුවෙන් රැකියා අවස්ථාවන් රැසක් කප්පාදු කර ඇත.


ගෝලීය වශයෙන් මිලියන 1.5 ක ජනතාවක් සේවය කරන ඔන්ලයින් යෝධයා, පිරිවැය කපාහැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙවර රැකියා 18,000ක් කපා හැරීමට සූදානම් වන පුවතක් අනාවරණය වේ.

Amazon Fresh සහ Go සහ එහි මානව සම්පත් අංශය ඇතුළුව මෙවර රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වීමට නියමිත අතර ජීවන වියදම් අර්බුදය නිසා පාරිභෝගිකයින් වියදම් කපා හරින බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බවත්, වසංගතය අතරතුර එහි කොටස් ඉහළ මට්ටමක සිට පහත වැටීමෙන් පසු වසර තුළ සමාගමට ඩොලර් ට්‍රිලියන 1 ක් අහිමි වූ බව වාර්තා වීමත් සමඟ මෙම පියවර ගනු ලැබූ බව Amazonහි ප්‍රධානී Andy Jassy ප්‍රකාශ කර ඇත.

රැකියා කප්පාදු කරනු ලබන සේවකයන්ගේ ලේඛණය ජනවාරි 18 වන දින ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත වන අතර ඔවුන් සඳහා වෙන්වීමේ ගෙවීමක් ලබාදීමට ද නියමිත වේ. මේ හා සමගාමීව එක්සත් රාජධානියේ ප්‍රථම ඇමසන් සේවක වර්ජනයට දින නියමකර ඇති බවද වාර්තා වේ. රැකියා අහිමිවීම් එක්සත් රාජධානියට බලපානු ඇති බව වාර්තාවන මුත් ඒ කොපමණ සේවක පිරිසක්ද යන්න නිශ්චිත නොවේ.


එමෙන්ම Amazon දැනටමත් නිවේදනය කර ඇත්තේ Echo ආදී ව්‍යාපෘති කිහිපයක් කපා හැරෙන බවයි.

මීට අමතරව තාක්ෂණික සමාගම් කිහිපයක් උද්ධමනය ඉහළ යාමත්, පිරිවැය ඉහළයාමත් හේතුවෙන් රැකියා අවස්ථාවන් රැසක් කප්පාදු කර ඇත. එනම්, දුර්වල වෙළඳ ප්‍රචාරණ වෙළඳපොලක් සහ වැඩිවන පිරිවැයක් සමඟ පොරබදමින් සිටින බැවින් මේටා හිමිකරුවන මාර්ක් සකර්බර්ග් නිවේදනය කර තිබුණේ තම ශ්‍රම බලකායෙන් 13%ක් කපා හරින බවයි.

ඉහළ යන වියදම් සහ ශීඝ්‍රයෙන් ඉහළ යන පොලී අනුපාත හමුවේ සකර්බර්ග් ප්‍රකාශ කර තිබුණේ ඩොලර් ට්‍රිලියන 1කට වඩා වැඩි වටිනාකමක් ඇති Meta, මේ වසරේ පමණක් එහි වටිනාකමෙන් සියයට 70කට වඩා අහිමි වීමෙන් පසු දැන් ඩොලර් බිලියන 256ක වටිනාකම අඩු වී ඇති බවයි. මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සකර්බර්ග් සේවකයින්ට පණිවිඩයක් නිකුත් කරමින් සැලසුම් කිරීමේ විශාල වැරැද්දක් හේතුවෙන් මෙම තීරණය වැරදී බවත් එහි වගකීම තමා භාර ගන්නා බව ප්‍රකාශ කර ඇති බවයි.

ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ ට්විටර් මිලදී ගැනීමත් සමඟ එහි කාර්ය මණ්ඩලය අඩක් පමණ කපා හැරියේය. කප්පාදුව දළ වශයෙන් 3,700 සේවකයින්ට බලපෑම් කරන්නට විය.

සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රදේශයේ විශාලතම සේවා යෝජකයා මෘදුකාංග සමාගමක් වන සේල්ස්ෆෝර්ස් එහි සේවකයින්ගෙන් සියයට 10 ක් හෝ කම්කරුවන් 8,000 ක් පමණ දොට්ට දමන බව නිවේදනය කර ඇත. ප්‍රධාන විධායක නිලධාරී Marc Benioff තාක්ෂණික අංශය සඳහා රළු කාල පරිච්ඡේදයක් මෙන්ම COVID-19 කාලය තුළ වැඩිපුර බඳවා ගැනීම් තීරණය කිරීමට හේතු විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි