×

Amazonහි සේවකයන්ගේ කළු සිකුරාදා දින පාගමන

කළු සිකුරාදාවේ ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව ආදී රටවල් 30 කට වැඩි ගණනක කාර්මික ක්‍රියාමාර්ග සහ විරෝධතා පවත්වා තිබේ.


ඇමසන්හි සේවකයන් වඩා හොඳ සේවා කොන්දේසි සහ සාධාරණ වැටුප් ඉල්ලා ලොව පුරා විරෝධතා අරඹා ඇති බව වාර්තා වේ.


කළු සිකුරාදාවේ ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව ආදී රටවල් 30 කට වැඩි ගණනක කාර්මික ක්‍රියාමාර්ග සහ විරෝධතා පවත්වා තිබේ.


විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ජීවන වියදම් ඉහළයාමට සාපේක්ෂව වැටුප් වැඩිවීම දැරිය නොහැකි තත්වයක් බවයි.

මිලියන 1.5කට වඩා වැඩි ගෝලීය ශ්‍රම බලකායක් සිටින ඇමේසන්, පිළිබඳව යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබුණේ සමාගම විසින් කම්කරුවන් 10,000 ක් පමණ සේවයෙන් පහ කිරීමට සැලසුම් කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි