×

ඩෙප් දියවෙන අයිස්ක්‍රීමයක් අසල නිදාසිටින ඡායාරූපයකින් ලන්ඩන් මහ අධිකරණය කැළඹෙයි

හර්ඩ් විසින් තමාට එල්ල කළ හිංසන චෝදනා හේතුවෙන් ඩොලර් මිලියන 650 ක මුළු චිත්‍රපට ධනයම අහිමි වී ගිය අතර ඩොලර් මිලියන 100 ක ණය බරක් ද තම කර මත පැටවුණු බව ඩෙප් ප්‍රකාශ කර සිටියි.


හර්ඩ් විසින් තමාට එල්ල කළ හිංසන චෝදනා හේතුවෙන් ඩොලර් මිලියන 650 ක මුළු චිත්‍රපට ධනයම අහිමි වී ගිය අතර ඩොලර් මිලියන 100 ක ණය බරක් ද තම කර මත පැටවුණු බව ඩෙප් ප්‍රකාශ කර සිටියි.

57 හැවිරිදි ඩෙප් නිව්ස් ගෲප් පුවත්පත්වලට එරෙහිව ගොනු කළ අපහාස නඩුව වෙනුවෙන් සාක්ෂි දෙමින් නඩු වේ පස්වන දිනට ලන්ඩනයේ මහාධිකරණයට පැමිණියේය.

ඩෙප් විසින් එන්ජීඑන් වෙත නඩු පවරන්නේ 2018 දී ද සන් පුවත්පතේ පළ වූ කතාවක් නිසා ඔහු “බිරිඳට පහර දෙන්නෙකු” ලෙස හංවඩු ගැසීම නිසාවෙනි. පසුගිය පෙබරවාරි මස අන්තර්ජාලයට නිකුත් වූ හඬ පටයත් සමග ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙසේ නඩු පැවරීය.

අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ඩෙප් කියා සිටියේ පුවත්පත විසින් එල්ල කළ අසත්‍ය චෝදනාව හේතුවෙන් ඔහුට පයිරට්ස් ඔෆ් ද කැරිබියන් ඇතුළු චිත්‍රපට රැසකින් ලැබීමට තිබූ ආදායම් සියල්ල අහිමි වී ගිය බවයි.

තවද ඔහු කියා සිටියේ මිලියන 650ක තම ධනය තම ව්‍යාපාර කළමනා කරුවන් විසිම් සොරාගත් බවයි.

මේ අතර ජොනී ඩෙප්ගේ වල්මත් ජීවන රටාව පෙන්වන තවත් ඡායාරූපයක් අධිකරණයට නිකුත් වී ඇත. දියවූ අයිස්ක්‍රීම් එකක් තමා ළඟ තබාගෙන ඩෙප් නිදා සිටින ඡායාරූපය ගෙන තිබුණේ හර්ඩ් විසින්.

හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්ගේ මධුසමය අතරතුරදී, 2015 දී ස්තුති දීමේ උත්සවයේදී සහ 2016 දී ඇගේ 30 වන උපන්දින සාදයෙන් පසුව ඔහු කළා යැයි චෝදනා එල්ල කර තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

නළුවා අධිකරණයට පැවසුවේ “ඇය මට චෝදනා කරන සෑම දෙයක්ම ඇය මට කළ දෙයක් සේ පෙනේ” යන්නයි. ඕස්ට්‍රේලියාවේදී ඇඟිල්ලකට බරපතල තුවාල සිදු වූ සිද්ධියක් ගැන කතා කරමින් ඔහු අධිකරණයට කියා සිටියේ තමාට පසුව MRSA superbug බැක්ටීරියාව ආසාදනය වූ බවයි.

නළුවාගේ නිෂ්පාදන සමාගමේ යුරෝපීය සභාපති ඉන්ෆිනිටම් නිහිල් සහ ඔහුගේ හිටපු සහායක ස්ටීවන් ඩියුටර්ස් කියා සිටියේ තමා කිසි විටෙකත් හර්ඩ්ව තුවාල සහිතව දැක නැති බවත් ඩෙප්ව “වසර ගණනාවක අපයෝජනයට” ලක් කර ඇත්තේ හර්ඩ් බවයි.

යුවළගේ සම්බන්ධතාවයේ “අපයෝජකයා” හර්ඩ් බව නළුවා කළ ප්‍රකාශයන්ට සහාය දෙමින් ඩෙප්ගේ සේවක ස්ටීවන් ඩියුටර්ස් දහවල් සාක්ෂි ලබා දුන්නේය.

ඩෙප් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් ඩියුටර්ස් මහතා හර්ඩ් හැඳින්වූයේ “මයික් ටයිසන්” යනුවෙනි. ඔහු අධිකරණයට කියා සිටියේ තමා මෙසේ කළේ යුවළ අතර ඇති සම්බන්ධතාවයේ ස්වරූපය නිසා බවයි.

සබැදි පුවත්,

ජොනී ඩෙප්ගේ අපහාස නඩු විභාගයේදී කෙඳිරිලි හඬ නඟන ශ්‍රව්‍ය පටයක් අධිකරණයට ඉදිරිපත් කෙරේ

සැබෑ අපයෝජකයා ජොනී ඩෙප් නොව ඩෙප් අපයෝජකයකු බව ලොවට කෑගැසූ ඇම්බර් හර්ඩ් ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි