×

අමිතාබ් භච්චන් සුවය ලබයි

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු කොරෝනා වෛරසය වැළදීම නිසා රෝහල් ගත කරනු ලැබුවේ සති තුනකට පමණ ඉහතදීය.


සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු කොරෝනා වෛරසය වැළදීම නිසා රෝහල් ගත කරනු ලැබුවේ සති තුනකට පමණ ඉහතදීය.

77 හැවිරිදි ඔහු තමන් වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය අංශවලටත්, තමාට සුවය පැතූ සියලුම දෙනාටත් ස්තූතිය පළ කළ බවට විදෙස් වාර්තාවල දැක්වේ.

ඔහුගේ පුත්‍රයා වන සුපිරි නළු අභිෂේක් භච්චන්ට අයිෂ්වර්යා රායි භච්චන්ටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔවුන්ද මේවන විට සුවය ලබමින් සිටියි. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඔවුන්ද ඉතා ඉක්මනින් ස්ම්පූර්ණ සුවය ලබනු ඇති බවයි.

මේ අතර ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ 52,000 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතන් සංඛ්‍යාව ලක්ෂ 18කට අධික ය.

38,000 දහසකට අධික පිරිසක් ඉන් මරණයට පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි