×

ඉන්දියාවේ කොරෝනා පීඩාව දෙගුණ තෙගුණ කළ අම්ෆන්!

දැක්වෙන තොරතුරු අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලින් 72ක් පමණ මිය ගොස් ඇති අතර බංග්ලාදේශය තුළ මරණ 12ක් තහවුරු කර ඇති බව සඳහන්.


කොරෝනා ව්‍යාප්තියේ පීඩාව දෙගුණ තෙගුණ කරමින් ඉන්දියාව වෙත කඩා වැදුණු අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නගරය විනාශ කර තිබෙන අතර එම සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව හා බංගලාදේශය තුළ 84 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

වෙරළබඩ ප්‍රදේශය හරහා ඇති වූ දරුණු සුළඟ සහ වර්ෂාව විසින් එම විනාශය කර තිබේ. කෙසේවෙතත් මේ වන විට සුළි කුනාටුව උතුරු දෙසින් භූතානය දෙසට ගමන් කර ඇති බව දැක්වෙයි.

දහස් ගණනින් ගස් මුලිනුපුටා දමා ඇති ඇති අතර විදුලිය, දුරකථන මාර්ග සියල්ල අවහිර කර නිවාස බිමට සමතලා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කල්කටාවේ බොහොමයක් මාර්ග ජලයෙන් යට වී ඇති බවත් මිලියන 14ක් පමණ ජනතාව විදුලිය නොමැතිව සිටින බවද සඳහන්.

1999 න් පසු බෙංගාල බොක්කේ ඇති වූ සුපිරිතම සුළි කුණාටුව මෙය බව කාළගුණ අංශ සඳහන් කර තිබේ.

Covid 19 මර්දන වැඩපිළිවෙල අතරතුර ඇති වූ මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් එම කටයුතුවලට ද දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යමින් ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම අපහසු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය දක්වා ඇත.

බටහිර බෙංගාලයේ කොටසකට හා ඔරිස්සා ප්‍රාන්තවල සහ නිරිත දිග බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 185ට වැඩි වී තිබේ.

දැක්වෙන තොරතුරු අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලින් 72ක් පමණ මිය ගොස් ඇති අතර බංග්ලාදේශය තුළ මරණ 12ක් තහවුරු කර ඇති බව සඳහන්.

ව්‍යසන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමාතා බැනර්ජි සඳහන් කර තිබෙන්නේ මෙය Covid 19 ට වඩා විශාල විනාශයක් බවයි. එමෙන්ම අද දවසේදී යුද්ධයට සමාන තත්ත්වයක් තමන් අත්විඳි බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ඇමතිනිය මාධ්‍ය වෙත කියා තිබේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි