×

සැප්තැම්බර් 14 දා පෘථිවිය අසලින්ම අති දැවැන්ත ග්‍රාහකයක්

පෘථිවියේ උසම ගොඩනැගිලි වලටත් වඩා විශාල ග්‍රාහකයක් (ඇස්ටරොයිඩයක්) සැප්තැම්බර් 14 වැනිදා පෘථිවිය අසලින්ම පියඹා යාමට නියමිත ය.


පෘථිවියේ උසම ගොඩනැගිලි වලටත් වඩා විශාල ග්‍රාහකයක් (ඇස්ටරොයිඩයක්- an asteroid) සැප්තැම්බර් 14 වැනිදා පෘථිවිය අසලින්ම පියඹා යාමට නියමිත ය.

එහි විශ්කම්භය මීටර 290 ත් 650 ත් අතර ප්‍රමාණයෙන් යුතු වන අතර නාසා විද්‍යාඥයන් විසින් මෙයට නම් තබා තිබෙන්නේ 2000 QW7 යනුවෙනි.

ලෝකයේ උසම ගොඩනැගිල්ල ඩුබායි හි බර්ජ් කලීෆා ය. එහි උස අඩි 2717 ක් වේ. දෙවැනුවට උසම ගොඩනැගිල්ල ෂැංහයි ටවර් ය. එහි උස අඩි 2073 ක් වේ. නමුත් 2000 QW7 ඇස්ටරොයිඩයේ උස අඩි 951 ත් 2132 ත් අතර වේ. තවද එහි වේගය පැයට සැතපුම් 14, 361 කි. එය ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 7.54 ට පෘථිවියට සැතපුම් 3,312,944 ක් ඇතුළත දුරකින් පියඹා යනු ඇත. මේ අනුව පෘථිවිය මේ අවස්ථාවේදී අනූ නවයෙන් බේරෙන්නේ ලෝක විනාශයකිනි!

මෙමගින් පෘථිවියට කිසියම් හානියක් සිදු වේ යැයි සිතිය නොහැකි නමුත් නාසා හි විද්‍යාඥයන් එහි ගමන් මාර්ගය සීරුවෙන් සෝදිසි කරමින් එය ට්‍රැක් කිරීමට සූදානමින් සිටිති. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ Pan-STARRS ටෙලස්කෝපයයි.

පසුගිය ජූනි මාසයේදී නාසා විද්‍යාඥයන් විසින්, පෘථිවියට ග්‍රාහක ප්‍රහාරයක් එල්ල වේ නම් මිනිසුන්ගේ ආරක්ෂාව අනතුරේ වැටෙන බවට යම් අනතුරු ඇඟවීමක් කර තිබූ බව ද මෙහිදී අමතක නොකළ යුතුය. එහිදී ජූනි 22 වැනිදා අඩි 13 ක විශ්කම්භයකින් යුක්ත 2019 MO නමැති කුඩා ඇස්ටරොයිඩයක් සම්බන්ධයෙන් මේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබූ අතර, අවසානයේ එය පෘථිවියේ සිට සැතපුම් 310,685 ක් දුරින් පියඹා ගියේය. අලුත් ග්‍රාහක අමුත්තා එමෙන් දස ගුණයක් දුරින් පියඹා ගියද, එහි විශාලත්වය අනුව ඒ දෙස ඇස ගසාගෙන සිටීම වඩා නුවණට හුරු බව විද්‍යා ලෝකය තීරණය කර ඇතිවා සේ පෙනේ.

ප්‍රධාන ඡායාරූපය – Mirror



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි