×

”වැඩිම ලයික්ස්” වාර්ථාව තැබූ ”ඉන්ස්ටග්‍රැම් බිත්තරය”.

මින් පෙර වැඩිම ලයික්ස් ගණනක් ලැබී තිබුණේ කයිලි ජෙනර්ගේ ඡායාරූපයකයි. බිත්තරය එය අබිබවා ගොස් ඇත බිතතරයට ලැබී ඇති ලයික්ස් ගණන මිලියන 28කි.


අන්තර් ජාලය තුළ සිදු වන දෑ දිනෙන් දින විවිධ මුහුණු වරයන් ගනී. ඉන්ස්ටග්‍රැම් යනු මේ වන විට ලෝකයේ භාවිත කරන සුප්‍රසිද්ධම සමාජමාධ්‍ය අඩවියකි. එය ෆේස්බුක් අභිබවා ගොස් ඇත. කෙසේ වෙතත් නිකම්ම නිකම් බිත්තරයකට මුලු ඉන්ස්ටර්ග්‍රෑම් ලෝකයම වෙනස් කරන්නට හැකි වී ඇත.

ඉන්ස්ටග්‍රැම් හරහා හුවමාරුවන ඡායාරූප අතරේ කයිලි ජෙනර් ගේ ඡායාරූප වලට ලැබෙන ලයික්ස් සහ කමෙන්ට්ස් අති විශාලය. ඇමරිකානු රියැලිටි තාරකාවක් මෙන්ම සමාජමාධ්‍ය තරුවක් ද නිරූපිකාවක්ද වන කයිලි ජෙනර් දිගින් දිගටම ඉන්ස්ටග්‍රෑම් තරුව වූයේ ලෝකයේ වැඩිම ඉන්ස්ටග්‍රැම් ලයික්ස් ලැබෙන ඡායාරූප ඇගේ ඡායාරූප වීම හේතුවෙනි.

පසුගියදා ඇගේ වාර්ථාව බිදින්නට සාමාන්‍ය බිත්තරයකට හැකි විය.
සුදු පැහැති පසු බිමක් මත බිත්තරයක ඡායාරූපයක් කිසිවකු විසින් පසුගියදා
ඉන්ස්ටග්‍රැම් වෙත මුදා හැර තිබුණි.

ඒ පසුගිය 4වන දිනයි. එයට යොදා තිබූ මාතෘකාව වුයේ “Let’s set a world record together and get the most liked post on Instagram. Beating the current world record held by Kylie Jenner (18 million)! We got this.” සියල්ලන් එක්ව
ඉන්ස්ටග්‍රැම් වාර්ථාවක් තබමු . දැනට ඇති කයිලි ජෙනර් ගේ වාර්ථාව පරදවමු යනුවෙනි.

2018 වසරේ පෙබරවාරි වන දින කයිලි ජෙනර් විසින් පල කළ සිය අලුත උපන් දියණිය සමග ගත් ඡායාරූපයක් මෙතෙක් වැඩිම ඉන්ස්ටග්‍රැම් ලයික්ස් ලැබී තිබූ ඡායාරූපය විය . ඊට ලයික්ස් මිලියන 18ක් ලැබී තිබිණි.

නමුත් මේ වන විට බිත්තරය එය අබිබවා ගොස් ඇත බිතතරයට ලැබී ඇති ලයික්ස් ගණන මිලියන 28කි. මේත් සමග සියල්ලන්ම මේ ඡායාරූපය පල කළේ කවුරුන් විසින් දැයි සොයන්නට උත්සහා කළද ඒ කවුරුන්දැයි හදුනා ගත නොහැකි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි