×

ඉරානයේ මරණ දඩුවමේ වැඩවීමක්

ඉරානයේ මරණ දණ්ඩනය පසුගිය වසරේ 25% කින් භයානක ලෙස ඉහළ ගොස් ඇත


 

ඉරානයේ මරණ දණ්ඩනය පසුගිය වසරේ 25% කින් භයානක ලෙස ඉහළ ගොස් ඇති අතර දැඩි මතධාරී පූජක ඊබ්‍රහිම් රයිසි එරට ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසු මෙම තත්වය ඇතිවූ බවට සංවිධාන දෙකක් පෙන්වා දෙයි.

Norway-based Iran Human Rights (IHR), සහ France’s Together Against the Death Penalty (ECPM) යන සංවිධාන ද්විත්වය මේ පිළිබඳව පෙන්වා දෙයි.ඔවුන්ට අනූව අවම වශයෙන් පුද්ගලයින් 333 දෙනෙකුට පසුගිය වසරේ මරණ දණ්ඩනය ලබා දී ඇත.මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය නියම වූ සංඛ්‍යාව 126 ක් වන අතර, එම අගය 2020 ට වඩා පස් ගුණයකින් වැඩි බව ඔවුන්ගේ වාර්තාව සඳහන් කරයි.පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෙක් ඉරානයේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම “අත්තනෝමතික ලෙස ජීවිතය අහිමි කිරීමක්” බවට අනතුරු ඇඟවූ අතර ජාත්‍යන්තර නීතියට පටහැනිව මරණීය දණ්ඩනය පැනවීම අවසන් කරන ලෙස ඔහු ඉරානයෙන් ඉල්ලා සිටියේය.

IHR සහ ECPM සංවිධාන විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද සිය වාර්තාවට අනුව , පසුගිය වසරේ ඉරානයේ සිදු වූ බව විශ්වාස කරන මරණ 333 න් 16.5% ක් පමණක් එරට නිල මූලාශ්‍ර මගින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.මේ වන විට අවම වශයෙන් කාන්තාවන් 17 දෙනෙකු මරණීය දණ්ඩනයට පක් කර ඇති අතර, එය 2020 ට වඩා අට දෙනෙකුට වැඩි ය. වසය18 අඩු කාලයේ සිදු කළ අපරාධවලට වරදකරුවන් වූ දෙදෙනකු ද මරණයට පත් කළ බව එම වාර්තාවේ සඳහන් වේ.එම වාර්තාවට අනූව “ජනවාර්ගිකව මරණ දඩුවම් අසමානුපාතික සංඛ්‍යාව” ලෙස ඉහළ අගයක් පෙන්වයි. 2021 දී මරණ දණ්ඩනයට ලක් වූවන්ගෙන් 21% ක් බලුචිවරු වන ජන වර්ගයවන අතර, ඔවුන් නියෝජනය කරන්නේ එරට ජනගහනයෙන් 2-6% ක් පමණක් වේ.

IHR සහ ECPM හි අධ්‍යක්ෂවරුන් වන Mahmood Amiry-Moghaddam සහ Raphael Chenuil-Hazan බටහිර බලවතුන්ගෙන් ඉල්ලා සිටියේ ඉරානයේ මරණ දණ්ඩන වාර්තාව සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි