×

‘RedForRuth’ වෙනුවෙන් ලෝර්ඩ්ස් පිටිය රතු පැහැයට හැරෙයි !

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15) ලන්ඩන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී විශේෂ කටයුත්තක් සිදු ‍කෙරිණි. ඒ හිටපු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රෝව්ස්ගේ හිටපු බිරිඳ වෙනුවෙන් අද දිනය වෙන් කිරීමයි.


අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15) ලන්ඩන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී විශේෂ කටයුත්තක් සිදු ‍කෙරිණි. ඒ හිටපු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රෝව්ස්ගේ හිටපු බිරිඳ වෙනුවෙන් අද දිනය වෙන් කිරීමයි.

ඇන්ඩෘ ස්ට්‍රෝව්ස්ගේ බිරිඳ රුත් ස්ට්‍රෝව්ස් පසුගිය දෙසැම්බර් මාසයේදී මියගියේ පෙනහළු පිළිකාවක් හේතුවෙනි.

ඇයව සිහිපත් කිරීම සඳහා ඇන්‍ඩෘ ස්ට්‍රෝව්ස්ගේ ප්‍රධානත්වයෙන් පිළිකා අරමුදලක් පිහටවූ අතර එය නම් කළේ RedForRuth නමිනි. ඊට හේතුව රුත් ස්ට්‍රෝව්ස්ගේ ප්‍රියතම වර්ණය රතු පැහැය වීමයි.

ඒ අනුව අද දිනයේදී RedForRuth පදනම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීම සිදු වූ අතර එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සඳහා ලෝර්ඩ්ස් වෙත පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබූ බවයි. දිනය අවසන් වනවිට RedForRuth පදනම සඳහා ස්ටර්ලින් පවුම් 385,000 ඉක්මවන තරමේ මුදල් ප්‍රමාණයක් ලැබී තිබිණි.

ස්ට්‍රෝව්ස් – රූත් යුවළගේ පුතුන් දෙදෙනා වන ලුකා සහ සෑම් එක්ව, ලෝර්ඩ්ස් ටෙස්ට් තරගවලට පමණක් ආවේණික සීනුව නාද කිරීමෙන් පසුව දෙවැනි දිනයේ තරගය ආරම්භ කෙරිණි.

ලෝර්ඩ්ස් වෙත එක්ව සිටි ප්‍රේක්ෂකයන්, විස්තර විචාරකයන් රුත්ගේ ප්‍රියතම පැහැය වූ රතු පැහැයෙන් සැරසී සිටි අතර එය දුටු ඇන්‍ඩෘ ස්‍ට්‍රෝව්ස් ඉතා හැඟීම්බරව අදහස් දැක්වීය. සිය බිරිඳගේ ප්‍රියතම වර්ණය පැළඳීම ගැන තමන් ආඩම්බර වන බවත්,  තමාටත් දරුවන් දෙදෙනාටත් මෙය අතිශය හැඟුම්බර අවස්ථාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සංකේතාත්මකව රතු පැහැති තොප්පි පැළඳ ක්‍රීඩා කළ අතර තරගය අතරතුර RedForRuth පදනම සඳහා අවශ්‍ය අරමුදල් වෙනුවෙන් දෙපිලේ ක්‍රීඩකයන්ගේ ටී ෂර්ට් සහ කැප් තොප්පි වෙන්දේසියක් ද සංවිධානය කර තිබිණි.

උපුල් නිශාන්ත



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි