×

විකට් 6 යි ලකුණු 0 යි – නේපාලයේ අංජලී චාන්ද් T20I වාර්තාවක

නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අංජලී චාන්ද්, මාලදිවයිනට එරෙහිව කඩුළු 6 ක් සමග ලකුණු 0 ක් ලබා දෙමින් T20I ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් තැබුවාය.


මේ දිනවල පැවැත්වෙන 2019 දකුණු ආසියාතික ක්‍රීඩා තරගයේදී (South Asian Games) දී මේ අනුව මාලදිවයින කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 16කට සීමා කිරීමට ඇයට හැකි විය.

එහි ප්‍රතිඵලයක් ලෙසට නේපාල කණ්ඩායමට ඕවර 0.5කදී තරගයේ ජය වාර්තා කිරීමට හැකි විය.

මෙම මැද වේග පන්දු යවන්නියට මේ සඳහා අවශ්‍ය වූයේ ඕවර 2.1 ක් පමණි.

මේ අනුව කාන්තා T20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ එදා මෙදාතුර හොඳම පන්දු යැවීම ඇය විසින් වාර්තාකරනු ලැබිණි. මීට පෙර මෙම වාර්තාව ඉසිළුවේ චීනයට එරෙහිව මේ වසර මුලදී මාලදිවයින් කණ්ඩායමේ ම මාස් එලිසා විසින් වීමද විශේෂත්වයකි.

මේ දස්කම සමග අංජලී චාන්ද්, නේපාලයේ ජනප්‍රියම ක්‍රිකට් තරුව පමණක් නොව වීරවරියක බවට ද පත්ව සිටින්නීය.

New Indian Express

New Indian Express

පිරිමි T20 අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදි මේ වන විට හොඳම පන්දු යැවීම සඳහා වාර්තාව උසුළන්නේ ඉන්දියාවේ දීපක් චහාර් විසිනි. මෙම චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයා නොවම්බර් 10 වැනිදා නාග්පූර් හිදී බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයකදී ඕවර 3.2 ක් ඇතුළත ලකුණු 7කට කඩුළු 6 ක් දවාගත්තේය.

දීපක් චහාර්ට පෙර මෙම වාර්තාව ඉසිළුවේ ලකුණු 8කට කඩුළු 6 ක් දවාගත් ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි