×

ට්‍රම්ප් පරිපාලනයේ තවත් කප්පාදුවක්!

මේ වනවිට ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආණ්ඩුවේ තනතුරු කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටී


රෂිකා හෙන්නායක මාර්තු 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආණ්ඩුවේ තනතුරු කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රථිඵලයක් ලෙස ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහි ශ්‍රම බලකායෙන් අඩක් කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ යටතේ එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් අඩක් පමණ කපා හැරීමට සැලසුම් කර ඇත. එළඹෙන මාර්තු 21 වනදා සිට 2,100 කට ආසන්න පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට නම් කොන්ග්‍රස මණ්ඩල අනුමැතිය අවශ්‍ය වන අතර, ඩොලර් බිලියන 238ක වාර්ෂික වැය බරක් ඇති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 4,000 කට වඩා සේවය කරන බව සඳහන් වේ. 1979 දී පිහිටුවන ලද එය රජයේ පාසල් සඳහා අරමුදල් අධීක්ෂණය ඇතුළු කටයුතු සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි