×

Kamal Adwan රෝහලට ඊශ්‍රායලයෙන් යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක්!

ගතවූ පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 36 දෙනෙකු මිය ගොස් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට ඊශ්‍රායලය යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගෙවී ගිය සති කිහිපය ඇතුළත ඊශ්‍රායලය මෙම රෝහලට එල්ල කළ පස්වැනි ප්‍රහාරය ද මෙය වන බවද වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, අල්-අහ්ලි රෝහල ඇතුළු රෝහල් මියගිය අයගේ සිරුරු හා තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන අතරතුරයි . ගතවූ පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 36 දෙනෙකු මිය ගොස් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

මේ අතර දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ද පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් සමග පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාමය බිඳ දමා ඇති බවට ද චෝදනා එල්ල වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ගැටුම් වලින් පලස්තීනුවන් 44,502ක් මිය ගොස් 105,454ක් තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි