×

ලෝකය හෙල්ලූ Covid 19 ගැන තවත් පර්යේෂණ වාර්තාවක්!

කෙසේවෙතත් දරුවන් අතර මෙම රෝගය සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලිකර ගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.


නව කොරෝනා වෛරසය හෙවත් Covid 19 වෛරසය දරුවන් අතර කොතරම් දුරට ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබද නිශ්චිතව කරුණු දැක්වීමට නොහැකි තත්ත්වයක් තිබුණත් ස්විට්සර්ලන්ත පර්යේෂකයන් සිය අධ්‍යයනකින් අනතුරුව පවසා තිබෙන්නේ වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද මෙය පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකි බවයි.

වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන් මෙම රෝගයට ගොදුරු වීම අඩු වුවත් සෑම වයස් කාණ්ඩයකම දරුවන්ට මෙය වැළඳී ඇති බව එම පර්යේෂණයෙන් තහවුරු කර ගෙන තිබේ.

Covid 19 ආසාදනය වූ වයස දින 07 සිට 16ක් දක්වා වයස්වල පසුවන දරුවන් 23 දෙනෙකු අතරින් කළ සමීක්ෂණයකදී දෙදෙනෙකු හැර අන් සියලු දෙනාම වැඩිහිටියන්ගේ මෙන් වෛරස ප්‍රමාණයක් ශරීරගතව ඇති බව හඳුනා ගෙන තිබේ.

දරුවන් සම්බන්ධයෙන් කරන ලද එම පර්යේෂණයේදී තවදුරටත් තහවුරු වී තිබෙන්නේ රෝග ලක්ෂණ පහළ වන මුල් කාලය තුළ ඉතා දරුණු ලෙස රෝග ලක්ෂණ දරුවන්ටද පෙන්නුම් කර ඇති බවයි.

එම තත්ත්වය තවදුරටත් රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් වන බවද ස්විට්සර්ලන්ත පර්යේෂකයන් පෙන්වාදෙයි.

එහෙත් වැඩිහිටියන් අතර තරම් දරුණු ව්‍යාප්තියක් දරුවන් අතර දක්නට නොලැබෙන බවද ඔවුන් නිරීක්ෂණය කර තිබේ.

කෙසේවෙතත් දරුවන් අතර මෙම රෝගය සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලිකර ගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි