×

පසුගිය දශක 4 තුළ ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීමේ වේගය 280%කින් ඉහළ යයි.

ගෝලීය මුහුදු මට්ටම 1979 සිට අගල් භාගය බැගින් ඉහළ යමින් පවතී.


ඇන්ටාක්ටිකාවේ අයිස් කදු දියවීම ස්‍රීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබදව සිදු කළ පර්යේෂණයකින් සනාථ කර ඇත.

මීට වසර 40කට පෙර සිදු වූ අයිස් දියවීමේ වේගයට වඩා හය ගුණයක් සීග්‍රයෙන් අද වන විට අයිස් දිය වීමේ වේගය වැඩි වී ඇත. මෙම සමීක්ෂණය සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධ විද්‍යාඥ එරික් රිග්නොට් පවසන්නේ මිනිසුන් විසින් සිදු කරන ක්‍රියාවන් නිසා උද්ගත වී දේශගුණික විපර්යාස මෙයට මූලික වී ඇති බවයි. මේ අනුව ගෝලීය මුහුදු මට්ටම 1979 සිට අගල් භාගය බැගින් ඉහළ යමින් පවතී.

විද්‍යාඥ එරික් රිග්නොට් තවදුරටක් පවසන්නේ මෙම තත්ත්වය දිගින් දිගටම සිදවුව හෝත් එළැඹෙන ශතවර්ශය තුළ මුහුදු මට්ටම සීග්‍රයෙන් ඉහළ යනු ඇති බවයි. ඒ අනුව මුහුදු මට්ටම අඩි10කින් ඉහළ යනු ඇති බව ඔහු අනුමාන කරයි.

මෙම පර්යේෂණ වාර්ථාවට අනුව 2009 වසරේ සිට වාර්ෂිකව අයිස් ටෝන් බිලියන 278 ක් දියවී ගොස් ඇති අතර 1980 දී එය පැවතුනේ වාර්ෂිකව ටොන් බිලියන 44ක් වශයෙනි.

මෙම තත්ත්වය අවම කිරීම සදහා හරිකාගාර වායූන් මුදාහරින පොසිල ඉන්ධන දහනය අවම කිරීම සහ දේශගුණීක විපර්යාසය අවම කිරීම සදහා පියවර ගැනීම අත්‍යවශ්‍ය බව මෙම වාර්ථාව පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි