×

ජනපතිට ගෙදර යන්නැයි කියා ඇල්ජීරියාවේ උද්ඝෝෂණ

82 හැවිරිදි වත්මන් ඇල්ජීරියානු ජනපති ඇබ්ඩෙලාසීස් හට සිය ධූරය අත් හරින්නට අදහසක් නැත


වසර 20ක් තිස්සේ ඇල්ජීරියාව පාලනය කරමින් සිටින ජනපති ඇබ්ඩෙලාසිස් බෞටෙෆ්ලිකා හට ඉවත්ව යන ලෙසට බලකරමින් සංවිධානය කළ විරොධතාවකට ඊයේ ඇල්ජීරියානු අග නුවරට අති විශාල ජනකායක් එක් රැස් වූහ. ලක්ෂ ගණනක ජනතාව මෙසේ විරෝධතා දැක්වීමට එක්ව සිටි අතර ඒ ඇල්ජීරියානු ඉතිහාසයේ සිදු වූ අති විශාලතම විරෝධතා රැළියක්ද වෙයි.

ඔවුන් ඉල්ලා සිටිනු ලැබුවේ ජනපතිවරයාට සිය ධූරයෙන් ඉවත් වී නව පාලකයෙකු වෙත රට භාරදෙන ලෙසයි.
82 හැවිරිදි වත්මන් ඇල්ජීරියානු ජනපති ඇබ්ඩෙලාසීස් විරොධතා කරුවන් වෙත පවසන ලද්දේ තමන් මෙම වසරේ අප්‍රේල් මස පැවැ්වීමට නියමිත ජනපතිවරණයද නවතා දමන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි