×

සියවසේ ඉපැරණීතම උත්සවයේදී නරුහිටෝ අධිරාජ්‍යයා නිළ වශයෙන් ධූරය භාර ගනී

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ හොංකොං නායක කැරී ලැම් ඇතුළු ඉහළ පෙළේ අමුත්තන් ගණනාවක් පැමිණ සිටියහ.


ජපානයේ අධිරාජ්‍යයා වන නරුහිටෝ අධිරාජ්‍යවරයා සිය රාජාභිශේකය නිල වශයෙන් ප්‍රකාශයටපත් කිරීම සදහා අද අගහරුවාදා ලොව පුරා සම්භාවනීය අමුත්තන් සියයකට අධික පිරිසකගේ සහභාගී ත් වයෙන් උත්සවයක් පැවැත්වයි. එය සියවසේ ඉපැරණිතම උත්සවයන්ගෙන් එකකි.

Japan's Emperor Naruhito, in a white robe, leaves after praying at "Kashikodokoro", one of three shrines at the Imperial Palace, in Tokyo, on October 22, 2019.


ඔහුගේ ධූරය ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේදීය. ඒ ජපානයට නව යුගයක් ද හදුන්වා දෙමිනි. ඔහුගෝ පියා වූ අකහිටෝ රජු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පළමු අධීරාජ්‍යා ලෙස ධූරය අත් හළ පසු නරුහිටෝ අධිරාජ්‍යයාට එම ධූරය හිමි විය. නමුත් අද ඔහු ටෝකියෝහි රාජකීය මාළිගාවේදී “සොකුයි නො රී” නමින් හැඳින්වෙන චාරිත්රානුකූල උත්සවයකදී සිය රාජාභිශේකය පිළිබදව ලෝක නායකයන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළේය.

In this handout image provided by Imperial Household Agency, New Japanese Emperor Naruhito delivers his first speech after ascending the throne during the enthronement ceremony at the Imperial Palace on May 1, 2019 in Tokyo, Japan.

එය ඉකා මනරම් උත්සවයක් විය නරුහිටෝ අධීරාජ්‍යයා සහ ඔහුගේ බිරිඳ 55 හැවිරිදි මසාකෝ විසිතුරු ලෙස සරසා ඇති සිංහාසන දෙකක වාඩි වී සිටියහ. ඔහුගේ පියා 1990 දී සිංහාසනාරූ ඨ වන විට හැද සිටි මෙන් පඬු පැහැ වස්ත්‍රයකින් නරුහිටෝ අධීරාජ්‍යයා සැරසී සිටියේය – මසාකෝ රැජිණ රටා සහිත සුදු වස්ත්‍රයක් පැළඳ සිටි අතර සාම්ප්‍රදායික කොණ්ඩා මෝස්තරයට ඉහළින් ග්ලයිඩර් හිස් ආවරණයක් පැළඳ සිටියාය.

විශාල සන්නසක ලියැවුණ සිය රාජාභිශේකය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළ නරුහිටෝ අධීරාජ්‍යයා සිය චාරිත්‍රයන් ඉටු කරන අයුරු 85 හැවිරිදි අකිහිටෝ අධිරාජ්‍යයා රෝද පුටුවක අසුන්ගෙන බලා සිටියේය.

ජපානයේ අගමැති ෂින්සෝ අබේ මේ සදහා සහභාගී වූ අතර බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ හොංකොං නායක කැරී ලැම් ඇතුළු ඉහළ පෙළේ අමුත්තන් ගණනාවක් පැමිණ සිටියහ. දකුණු කොරියාව සහ ජපානය අතර අඛණ්ඩ වෙළඳ අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් දකුණු කොරියාවේ අගමැති ලී නක්-යොන් ද ආගන්තුක ලැයිස්තුවට ඇතුළත් විය.

කෙසේ වුවත් පසුගියදා හගිබීස් කුණාටුව හේතුවෙන් ජපන් වැසියන් දැඩි පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙවැනි උත්සවයක් පැවැත්වීම ගැන ජපන් ජනතාවගේ විරෝධතා ද එල්ල වී තිබිණ. එය දශක ගණනාවක් තුළ රටට බලපෑ ප්‍රබලතම කුණාටු වලින් එකකි. මේත සමග චාරිත්‍රානුකූල උත්සවයේ ඇතැම් එළිමහන් අංගයන්ද නවතා දැමීමට රජය කටයුතු කර තිබුණි. ජපන් රජය නිවේදනය කලේ අධීරාජ්‍යයාගේ මෞල්ය මංගල්‍යය හේතු කොටගෙන සුළු අපරාධකරුවන් 550000ක් දෙනා සිරමැදිරි වලින් නිදහස් කිරීමට නියමිත බවයි.

නූතන ඉතිහාසයේ ක්‍රිසන්තමියම් සිංහාසනය අත්හැර දැමූ පළමු අධිරාජ්‍යයා බවට ඔහුගේ පියා අකිහිටෝ පත්වීමෙන් පසු නරුහිටෝ සිංහාසනය හිමි කර ගත්තේය. සියවස් ගණනාවකට පසු ධුරයෙන් ඉවත් වූ පළමු තැනැත්තා වීමට අමතරව, රාජකීය නොවන කාන්තාවක් විවිහා කරගත් රූපවාහිනියේ සජීවීව කථා කිරීම සිදු කළ සහ තම දරුවන් ඇති දැඩි කිරීමේදී අත්වැල් බැඳගත් පළමු ජපන් අධිරාජ්‍යයා අකිහිටෝ ය.
විදේශයන්හි අධ්‍යාපනය ලැබූ පළමු ජපන් රාජකීයයා බවට පත්වූ ඔහු ගේ පුත් නරුහිටෝ, තම පියාගේ උරුමය දිගටම කරගෙන යාමට සහ රටේ අධිරාජ්‍යයා සහ ඔහුගේ යටත් වැසියන් අතර ඇති බාධක බිඳ දැමීමට කටයුතු කරන බවට මෙම උත්සවයේදී ප්‍රතිඥා දෙන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි