මීට දින කිහිපයකට පෙර එළිදැක්වුණ නවතම iPhone 14 Series එකත් සමග Apple සමාගම විසින් iPhone 14 Pro හා iPhone 14 Pro Max සදහා හදුන්වාදෙනු ලැබුණු Dynamic Island Feature එක කෙරෙහි සැම ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක මෙන්ම අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මෙසේ Apple සමාගමේ iPhoneවල Features අනුකරණය කිරිම පිළිබඳව නම් දරා සිටින Xiaomi සමාගමත් මේ පිළිබඳ දැනටමත් අවධානය යොමු කර ඇති බව අප ඔබ වෙත මෙයට දින කිහිපයකට ඉහතදී ගෙන එනු ලැබීය.
ඒ අනුව ඔවුන්ගේ Developersලා විසින් දැනටමත් මේ හා සමාන පහසුකමක් Xiaomi Smart Phones සදහා ලබා දීමට කටයුතු කරමින් සිටින අතර Realme සමාගමත් මේ “Realme Island” නමින් මේ Feature එක ලබා දිමට කටයුතු කරමින් සිටින බවට ඔවුන්ගේ Forum එකක් මගින් තහවුරු කර ඇත.
එමෙන්ම ඔවුන් විසින් මේ “Realme Island” Feature එක ලබා දිම සදහා Realme Userලාගේ අදහස් ද Google Form එකක් ඔස්සේ ලබා දීමට අවස්ථාව දී ඇත.
එහිදි ඔවුන් විසින් මේ පිළිබඳ තමන්ගේ අදහස් Sketch, GIF හෝ වෙනත් ආකාරයකින් ලබා දිමට හැකියාව ලබා දී ඇත.
SOURCE: Realme