×

Apple පරිශීලකයන්ට ආයෙත් Fortnite!

මීට පෙර App Store මගින් මෙම ක්‍රීඩාව පරිශීලකයන් හට ලබාදීමට අවස්ථාව තිබූ බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි


2023 වසර ආරම්භ වන විටම ඔබ සැමට විවිධාකාරයේ වූ නැවුම් පුවත් වාර්තා වීම සිදුවිය. කෙසේ නමුත් මෙම පුවත Games සඳහා වඩා කැමැත්තක් දක්වන පාඨකයන් හට සුභදායක පුවතක් වනු නොඅනුමානය. මන්දයත් මෙම වසරේ දී Epic සමාගම මගින් iPhone වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීමට හැකි වනු ඇති බවට වාර්තා වේ.

මේ වන විට ස්මාර්ට් දුරකථන සඳහා වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම යන කරුණ පිළිබඳව සමාගම් විශාල ප්‍රමාණයක අවධානය යොමුවී පවතී. Call Of Duty, PUBG වැනි ක්‍රීඩා ලොව පුරා ස්මාර්ට් දුරකථන පරිශීලකයන් අතර ජනප්‍රිය වන කාලයක් තුළ iPhone සඳහා Fortnite වැනි ඉහළ පෙලේ පරිඝණක ක්‍රීඩාවක් ලබාදීම විශාල හැරවුම් ලක්ෂ්‍යක් ලෙස සඳහන් කළ හැකිය.

මින් පෙර ද එනම් මීට වසර දෙකකට පමණ ඉහත දී Epic සමාගම මගින් App Store වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීම සිදුකර ඇතත් එම ක්‍රීඩාව තුළ මිලදී ගැනිම් සිදුකළ හැකිවන Payment System එකක් නිර්මාණය කිරීමෙන් පසු පැන නැගුණු ගැටලුකාරී වාතාවරණයක් හේතුවෙන් App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කර තිබුණි.

වසර දෙකක නිහැඬියාවකින් පසුව පසුගිය වසර තුළ iPhone සහ iPad වෙත Fortnite ලබාදීමට සූදානම් වන බවට පළ වූ කටකතා කිහිපයක් හේතුවෙන් මෙම සිදුවීම තරමක් ජනප්‍රියතාවයට පත්විය. කෙසේ නමුත් Epic සමාගමේ විධායක නිලධාරියෙකු වන Tim Sweeney පවසා ඇත්තේ ඉදිරියේදී එම සිදුවීම සත්‍යක් වනු ඇති බවටයි.

මීට පෙර App Store මගින් මෙම ක්‍රීඩාව පරිශීලකයන් හට ලබාදීමට අවස්ථාව තිබූ බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි. නමුත් මෙම ක්‍රීඩාව App Store වෙතින් ඉවත් කිරීම සඳහා හේතු වූයේ App Store හරහා ක්‍රීඩාව තුළ සිදුවන ගෙවීම් වලට 30% අය කිරීමක් සිදුකරන නිසාවෙන් Epic සමාගම සිය Fortnite ක්‍රීඩාවේ විවිධාකාරවූ මිලදී ගැනීම් සඳහා වෙනත්ම ගෙවීමේ ක්‍රමයක් ඔවුන් විසින්ම හඳුන්වා දීමයි.

මෙය App Store හි පවතින නීති රෙගුලාසි වලට පටහැනි වන බැවින් Apple සමාගම සිය App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. ඉන් පසුව ඇතිවූ වාතාවරණයත් සමග පැනනැගුණු නඩු කටයුතු වල අවසානයේ Apple සමාගම තීරණය කරනු ලැබූවේ App Store වෙතින් Epic සමාගමේ නිල ගිණුම පවා ඉවත් කිරීමටයි.

SOURCE: macrumors.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි