×

Apple වෙතින් Foldable Screen එකක් සහිත MacBook එකක්?

Foldable screen එකක් සහිත Laptop එකක් නිපදවෙන පළමු අවස්ථාව මෙය නොවේ


Foldable phones සහ Folding Screens ඇති laptops දැන් ටික කාලෙක ඉඳන් වෙළෙඳපොළේ තිබේ.

කෙසේ වෙතත්, Apple සමාගම මෙම ක්ෂේත්‍රයේ නිෂ්පාදනයක් මේ වන තුරැත් ආරම්භ කර නැහැ. කෙසේ වෙතත් මොවුන් විසින් තරමක් කුතුහලය දනවන ලෙස Foldable Device එකක් නිෂ්පාදනය කිරීමේ මුල් අවධියේ සිටින බවට තොරතුරු වාර්තා වේ.

The Elec වෙබ් අඩවියට අනුව Apple සමාගම විසින් අඟල් 20ක Foldable device එකක් මෙලෙස නිෂ්පාදනයට ආරම්භ කර ඇත.

නමුත් මෙම ප්‍රමාණයන් තුළින් අදහස් වන්නේ එය අනිවාර්යයෙන්ම Foldable Smartphone එකක්ම නොවන අතර, මෙය Foldable Screen එකක් සහිත MacBook එකක් විය හැකි බවයි.

Foldable screen එකක් සහිත Laptop එකක් නිපදවෙන පළමු අවස්ථාව මෙය නොවේ. Lenovo සමාගම විසින් 2020 දී එළිදැක්වූ X1 laptop foldable screen එකක් සහිත පළමු laptop එක වේ.

androidauthority.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි