×

Apple හි Dynamic Island​ එක Xiaomi වෙතටත්​:

මෙම Grumpy UI theme එක තවමත් review මට්ටමේ පවතින අතර Xiaomi වෙතින් අවසර හිමි වුවහොත් එය MIUI theme store වෙ​ත එක්වනු ඇත.


පසුගියදා එළිදැක්වුණු iPhone 14 series එකේ pro model වලට සුවිසල් ආකර්ෂණයක් ගෙන ඒමට Apple සමාගම Dynamic Island විශේෂාංගය හදුන්වාදුණි. දැන් ඔවුන් පෙර iPhone වල තිබූ display cutout එකට වඩා ප්‍රමාණයෙන් අඩු cutout එකක් එක් කර ඇති අතර, සුවිශේෂීම කරුණ නම් ඔවුන් එය iOS සමඟ ගලපා ඇති ආකාරයයි.

නවතම වාර්තා පවසන්නේ මෙම විශේෂාංගය දැන් Android දුරකතන සඳහාද එක් කිරීමට Xiaomi Mi සමාගම සමත් වී ඇති බවයි. මෙම theme එක මගින් Apple වල ආකාරයටම දුරකතනයේ pin-hole කැමරාව සමානව සඟවනු ලැබේ.

ඔවුන් විසින් මෙය Grumpy UI නමින් නම් කර තිබේ.

පෙර Apple විසින් සිදුකළ ආකාරයටම මෙම Grumpy UI මඟින් hardware බාධකයක් software සඳහා ආධාරක විශේෂාංගයක් බවට පත් කරගෙන ඇත.

මෙම Grumpy UI theme එක තවමත් review මට්ටමේ පවතින අතර Xiaomi වෙතින් අවසර හිමි වුවහොත් එය MIUI theme store වෙ​ත එක්වනු ඇත.

Source: TechTimes



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි